මේ එක ක්‍රිඩකයෙකු තම චින ගමනට වියදම් සපයාගෙන තිබුනේ ඔහු විසින් පසුගිය කාලය තුල ලංකාවේ විවිධ තරගවලට සහභාගි විමෙන් ලැබු තෑගිද උපයෝගිකරගනිමින් සැකසු ලොතරයි ටිකට් පතක් අලෙවි කිරිම තුලිනි.
ඔහු වෘත්තියෙන් කේක්කෙන් පොල් කඩන්නෙකු විය.
මාරවිල ප්‍රදෙශයෙන් ගොස් සිටි අයෙකුගේ රැකියාව තිබුනේ කුලි ත්‍රිරෝද රථය සේවාවයි.
තවත් අයෙකු විශ්රාමිකයෙකි.
මේ තිදෙනාට කලින් ලැබි තිබුණු හෝටල් මිළ අධිකවිම නිසා පසුදිනම වෙනත් ලාභදායි හෝටල් කරා මාරු වි තිබුනේ තමන් විසින්ම දරාගන්නට යැමේදි ඒවායේ මිළ අධික විම නිසාය.
පසුව ලාභදායි හෝටලයක් එක කාමරයක මේ තිදෙනාම බෙදා හදාගෙන ඉතිරි දින කිපය ගතකර තිබුණ අතර මේ හෝටලයෙන් ලැබුන උදෑසන බත් ආහාර වේල හොද හැටි සම්පායම් වි දවල් සහ රාත්‍රිය පිරිමසාගෙන තිබුනේ රෝටි සහ පළතුරු වලිනි.
මේ සියළු පටිතද කරගැනිම් කර තිබුනේ කෙසේ හෝ ලාංකික නාමයවෙත තවත් පදක්කමක් එක්කර දිමටය.