සසිරිබර මෙසිරිලක දවසට ස්ත්‍රී දුෂණ 4යි, ළමා අපචාර 12යි

0
89
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් සිදුවන බව රටේ ඉහළම පොලිස් ප්‍රධානියකු විසින් අනාවරණය කර තිබේ.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එම හෙලිදරව්ව කර ඇත්තේ 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමිනි.

Yarl TV මුහුණු පොත හරහා නිකුත් කර තිබෙන වීඩියෝ පටයක් මගින් නියෝජ්‍ය පොලිස්පති වරයා පෙන්වා දෙන්නේ   එම වසරේ වාර්තා වී ඇති ළමා අපචාර ප්‍රමාණය 5292 ක් බවයි.

එම වසර තුළ ස්ත්‍රී දුෂණ 1642 ක් වාර්තා වී ඇති බව පවසන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට අනුව සෑම පැය හයකට වරක්ම ශ්‍රී ලංකාව තුළ කාන්තාවක් දුෂණයට ලක් වේ.

Yarl TV මුහුණු පොත හරහා නිකුත් කර තිබෙන වීඩියෝ පටයක් මගින් නියෝජ්‍ය පොලිස්පති වරයා පෙන්වා දෙන්නේ   එම වසරේ වාර්තා වී ඇති ළමා අපචාර ප්‍රමාණය 5292 ක් බවයි.

ඉහත දත්තයන් පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇති පැමිනිලි වලට අනුව බව අවධාරණය කරන පොලිස් ප්‍රධානියා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එවැනි සිද්ධින් වාර්තා නොවන ප්‍රවනතාවයක්ද ශ්‍රී ලංකාව තුළ පවතින බවයි.

ළමුන්ට  හා  කාන්තාවන්ට  එරෙහිව  වන අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකා පොලීසිය  ළමා හා කාන්තා කාර්යංශයක් ආරම්භ කර තිබෙන බව පෙන්වා දෙන අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වැඩි දුරටත් අවධාරණය කරන්නේ, පොලිස් කොට්ඨාශ 44 තුළ කොට්ඨාශ කාර්යාංශ 44 ක් මේ වන විටත් ක්‍රියාත්මක තත්වයේ පවතින බවයි.

අපචාරයකට ලක් වීමකදී පමණක් නොව ලක් වීමට අත්‍යාසන්න සිදුවීමක් ගැන දැන ගැනීමට  ලැබුනොත් ඒ සම්බන්ධයෙන්  පැමිනිලි කළ හැකි බව ඔහු තව දුරටත්  පෙන්වා දෙයි.

වීඩියෝ පටය මගින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට රට වැසියන්ට මතක් කර දී ඇත්තේ රටේ අනාගතය බදු  සුන්දර මල් කැකුළු ආරක්ෂා  කිරීම සියලු දෙනාගේම පරම යුතුකම බවයි.

ළමා අපයෝජන:

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පසුගිය ජුනී මාසයේදී නිවේදනය කර තිබුනේ, ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි අටදහස් පන්සීයක් පමණ පසුගිය වසරේ තම  ආයතනයට ලැබී ඇති බවයි.

මේ වසරේ ජුනි 12 වන දින වන විට ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 3500 ක පමණ ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඔහු අනාවරණය කර තිබුනි.
theleader.lk