සහකාර ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතාට තෙප්පම් ධිවරයෙක්ගෙන් ඔත්තුවක් ?

0
165

podu dalමීගමුව මුහුදු තිරය තුල ක්‍රියාත්මක නීතිවිරෝධි දැල් පන්න ක්‍රමයක් වු පෝඩු දැල් භාවිතය තහනම් බවත් එය ක්‍රියාත්මක කරනු ලබන ධිවරයන් අත්අඩංගුවට ගන්නා බවත් මීගමුව සහකාර ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා විසින් සුළු පන්න ධීවරයන් ඉදිරියේ පොරොන්දුවක් ලබාදි තිබුනේ පසුගිය මාර්තු 15 වෙනිදාය.
එහෙත් ඊයේ දිනයේත් බසියාවත්ත සහ සෙත්තප්පාඩුව ප්‍රදේශ තුල මෙසේ පෝඩු දැල් රැකියාවේ යෙදුන ධීවර බෝට්ටු 10 ක් තමන් තෙප්පම් රැකියාවේ නිරතව සිටියදි දුටු බව ප්‍රැන්සිස් නම් වු ධීවරයා සහකාර ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා වෙත ඊයේ දවල් 1 ට පමණ දැනුම් දි තිබුණි.
මේ අවුරුදු සමය බැවින් වැටලිමකට අවැසි තරම් නිළධාරින් නොමැති බැවින් මේ පිළිබදව ඉදිරියේදි ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා බව මේ අවස්ථාවේදි බණ්ඩාර මහතා විසින් දැනුම් දි තිබුණි.
මෙසේ ධිවර බෝට්ටු 10 ක් පමණ පෝඩුදැල් රැකියාවේ යෙදුන බවට මීගමුවේ වැල්ලේ සිටි කුඩා බෝට්ටු හිමියෝද මීපුර වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබාදෙමින් සනාථ කර සිටියේය.