සහජීවනයට බාධාකරන අයට ගම්වාසීන්ගෙන් විරෝධතාවයක්

0
165
කුඩාපාඩුව

අද දහවල් කුඩාපාඩුවේ
ගමේ සමිති කීපයක සාමාජිකයන් හා
ගම්වාසීන් විසින් එක්ව
සිය ගම්මානයේ සහජීවනයට බාධා කරන ස්ථාන දෙකකට ගොස් සෘජු විරෝධතාවයක් දක්වන ලදී.
කුඩාපාඩුව වෙරළට මායිම්
වී ඇති  ඉඩමකට අයිතිවාසිකම් කියන රාජ් නම් පුද්ගලයෙකු එම ඉඩමේ තාප්පයක් ගසා කොටුකිරීමට දරන උත්සාහයකට  විරුද්ධවූ ඔවුන් එම ස්ථානයට බැද තිබූ කණු කඩා ඉවත් කරන ලදී.
මෙම ඉඩමේ නිවසක් ඇති අතර එක් මායිමක් වෙරළට සම්බන්ධ වී ඇත. මීට පෙර අවස්තාවකදී ද එම ස්ථානයෙන් පොදුකටයුතු සදහා යාමට ඇති ඉඩකඩ කොටුකරමින් බාධා යොදා තිබූ අතර ගම්වාසීන් එයට විරෝධය දක්වන ලදී.  මෙම පුද්ගලයා පවසා තිඛෙන්නේ මෙම ස්ථානයේ ළමා උද්‍යානයක් තැනීමට සූදානම් වන බවයි.
නමුත් විරෝධය දක්වන ගම්වාසීන් පවසන්නේ  සම්බාහන මධ්‍යස්ථානයක් හෝ සමාජ
විරෝධී කටයුත්තක් සිදුකිරීමට යන බවයි.
මෙම ඉඩම වෙරළ සංරක්ෂණයට අයත් ඉඩමක් ලෙස පැවතුණ අතර  ඒ අවට ධීවර පවුල්
වල පොදු කටයුතු සදහා පාවිච්චි කළ බව ද ඔවුන් පවසයි.
දරුවන් ක්‍රීඩා කිරීම සදහා භාවිතා කළ බවද ඔවුන් පවසති. එමෙන්ම මෙම ස්ථානය ක්‍රීඩාංගනයක් කරන බවට දේශපාලකයන් පොරොන්දු වූ වී ඇති බවද ඔවුන් පවසති.

මෙම ගම්වාසීන් විසින් ඊළඟ විරෝධතාවය දැක්වූයේ පෙරේරා පෙදෙස් පිහිටා ඇති නීතිවිරෝධී කසිප්පු විකුණන  නිවසක් ඉදිරිපිටදීය. මෙම නිවසේ කාලයක පටන් සිදුකරන මත්පැන් වෙළඳාම
නිසා තම අවට සිටින දිළින්දන් මෙන්ම ගමේ පුද්ගලයන් ද ඇබ්බැහිවී ඇති බවත් මෙය ගමට විශාල කරදරයක් බවත්   මෙය නතර කරන ලෙස බලකිරීම පිණිස එම ස්තානයට ගොස් විරෝධය ප්‍රකාශ කරන ලදී.
කුඩාපාඩුව ගම්වාසීන් පවසන්නේ මෙම කසිප්පු තිප්පල පිලිබඳව
කොතරම් පොලීසියට පැමිණීලි කළත්  මෙම නීති විරෝධී
කටයුත්ත නතර කිරීමට පොලීසියට හැකියාවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here