අප විසින්ද හෙළිදරව්ව කළ පරිදි එහි ඇතුලත්ව තිබුණු භාණ්ඩවල මුළ වටිනාකම රු 400 ක් තරම්වත් නොවුනද එය ජනයා වෙත අලෙවි කර තිබුනේ රු 500 ක මිළටය.
මෙය දායන් ලංසා පදනම සහ නිමල් පදනම විසින් සංවිධානය කරන බව ශබ්ද විකාශන මගින්ද දැනුම් දෙමින් ක්රියාත්මක තිබුණ අතර ඒ සියල්ල සදහා යොදවාගෙන තිබුනේච මහනගර සභාවේ සම්පත්ය.
කෙසේ වෙතත් මේ මගඩිය සහ ගසා කෑම ගැන උරණ වි ඇති පිටිපන ජනයතාව මේ පිළිබදව දැඩි විවේචන එල්ල කර තිබුණ අතර ජනයාගේ මේ විරෝධය ඒ මොහොතේම නගරාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබුනේ එ ප්රදේශයේම පොහොට්ටු නාගරික මන්ත්රිවරියකි.ඇය ද නගරාධිපතිවරයාට දොස් පවරා තිබුනේ රු 400 ක් තරම් වත් වටින්නේ නැති සහන මල්ලක් රු 500 කට ලබාදිම පිළිබදවය.
කෙසේ වෙතත් මේ ජනතා විරෝධය හමුවේ මේ වන විට ඒ සහන මල්ලට තවත් හාල් මැස්සන ග්රැම් 250ක් එක්ව ඇතැයි වාර්තා වේ.
මේ අනුව හාල්මැස්සන් ග්රැම් 500 යි,පරිප්පු ග්රැම් 500 යි,පිටි කිලෝ 1 යි සහ හාල් කිලෝ 2 කකි.