සහරාන් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කා වෙනුවෙන්ද? – ‘ආණ්ඩුව රහස සඟවලා’ – මුජිබර් (වීඩියෝ)

0
314

සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ කාගේ උවමනාවට දැයි පාස්කු කොමිසම් වාර්තාවෙන් හෙළිනොකරන බව පවසන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, එම රහස සැඟවීමට ආණ්ඩුවට පැහැදිලි උවමනාවක් ඇතිබවක් පෙනෙන්නට ඇතැයි අවධාරණය කර සිටියි.  

රහස් පොලිසියේ හිටපු ප්‍රධානි රවී සෙනවිරත්න කොමිසම ඉදිරියේ කට උත්තරයක් දෙමින් පාස්කු ප්‍රහාරයේ සැකකටයුතු මහ මොළකරුවන් ගැන කොළ කැබැල්ලක් කොමිසමේ සාමාජිකයින්ට ලබාදෙනු ලැබුවද ඒ කිසිඳු කාරනයක් කොමිසම් වාර්තාවේ සඳහන්ව නැතැයි ද මන්ත්‍රීවරයා පවසයි.   ඔහු එම කරුණු සඳහන් කළේ ‘ද ලීඩර් – අන්කට්’ (Leader UNCUT ) වැඩසටහනට එක්වෙමිනි.  

  ” කොමිසම චෝදනා කරලා තියන්නේ ප්‍රහාරය වලක්වා ගන්න නොහැකි වුනා කියලා හිටපු ජනාධිපති ඇතුළු පිරිසකට පමණයි. ප්‍රහාරය පිටුපස ඉන්න බලවේග ගැන කිසිම සඳහනක් නැහැ. සහරාන් ගේ බිරිඳ ගේ කටඋත්තරය ගැන කිසිම සඳහනක් නැහැ. ප්‍රහාරයෙන් පසු ඉන්දියාවට පැනලා ගිය සාරා ව කොමිසමට ගෙන්න ගන්නවත් උනන්දුවක් තිබුනේ.

සියලු රහස් දන්නා සාර ගේන්න ගන්න  ආණ්ඩුවටත් කිසිම උනන්දුවකුත් නැහැ. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් සඟවනවා කියන එක දැන් පැහැදිලියි. පාස්කු කොමිසම බොරුවක්..” මන්ත්‍රීවරයා  පැවසිය.     

theleader.lk