පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් දින 10ක තරම් කෙටි කාලයකි.මිගමුවට මේ මැතිවරණය වැදගත් වන්නේ දශක දෙකකටත් වැඩි පවුල් දේශපාලනය මිගමුව නගර පාලනයෙන්ද අතුගා දැමිමට ඇති තිරණාත්මක අවස්තාව මෙය වන නිසාය.
මෙවර මිගමුව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධින කණ්ඩායම් 10ක් තරඟ වැදිමට නියමිතය බව වාර්තාවේ..
මෙම ස්වාධීන කණ්ඩායම් වලින් 4 ක් ඉතා පැහැදිලි ලෙසම ලංසා පවුල් පාලනයට එරෙහිව ක්‍රියාත්මක කණ්ඩායම්ය.
එජාප හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන සුමිත් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු ග්‍රැමපෝනයෙන් තරඟ වදින කණ්ඩායම , හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වන සකාවුල්ලාගේ නායකත්වයෙන් බැට් එක ලකුණෙන් තරඟවදින ස්වාධීන කණ්ඩායම සහ ගයාන් මදුමිහිරගේ නායකත්වයෙන් ඇපල් ගෙඩියෙන් තරඟ වදින තරුණ නියෝජනයක් සහිත කණ්ඩායම් ,හිටපු නාගරික මන්ත්‍රීවරුයෙකු වන කපිල නන්දසුලෝචනගේ කණ්ඩායමයි.ඔහු ටයරය ලකුණෙන් තරඟ වදි.
මේ අය ඉතා පැහැදිලි ලෙස ලංසා විරෝධි කණ්ඩායම් ලෙස සැලකේ.
ඒ අනුව අනික් කණ්ඩායම් බහුතරයක් පිලිබදව ප්‍රකට කරුණ වි ඇත්තේ ලංසා පවුලට සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධව සිටින බවය .