ස්විස් සිදුවිම රාජ්‍ය තාන්ත්‍රික තලයට! ඉහල පෙලේ දූත පිරිසක් ලංකාවට !

0
67

swissස්විස් තානාපති කාර්යාල නිලධාරිණිය පිළිබද සිදුවිම මේ වන විට තානාපති මට්ටමෙන්  එහා ගොස් රාජ්‍ය තාන්ත්‍රික තලයට පිවිස තිබේ.
පවතින තත්වය පිළිබද විමසා බැලිම සදහා ඉහල පෙළේ දුත පිරිසක් ස්විටර්ලන්ත රජය විසින් ලංකාවට එවිමට නියමිත කටයුතු කර ඇති අතර  කිර්තිමත් පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ලංකාවේ හිටපු ස්විස් තානාපති   ජොග් ෆ්‍රීඩන් මේ දුත පිරිසේ ප්‍රධානියා ද වෙයි.
ලංකාවේ විදේශ ඇමතිවරයා හා පැවැති දුරකථන සංවාදය වලදි මෙන්ම ස්විස්ටර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන්නට යෙදුන නිවේදනයේදිද වඩාත් අවධානයට යොමුකොළ කරුණක් වි තිබුනේ ස්විස් තානාපති කාර්යාල නිළධාරිණියගේ සෞඛ්‍ය තත්වය පිලිබදවය.
මෙහිදි නඩු විභාගයකට පෙරම ඇයව රදවා තබාගැනිමට ගත් තීරණය පිළිබදවද ස්විස්ටර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව  සිය කණගාටුව පළකොට තිබුණි.
මානුෂික හේතුන් මත ඇයව රෝහලක් වැනි වඩාත් සුදුසු ස්ථානයකට මාරුකරන ලෙස මෙහිදි මෙරට විදේශ ඇමති දිනේශ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් සිදුකොට  ඇත.