සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමේ අවදානම අභියස ලොව වටා සාක්ෂිකරුවන් එකාවන්ව පෙළ ගැසෙයි

0
305

නිව් යෝර්ක් – රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු වහාම තහනම් කරන්න රුසියාවේ බලධාරීන් ඇඟිලි ගනිමින් සිටිනවා. එහෙම දෙයක් කරන්න එපා කියලා රුසියාවේ ආණ්ඩු බලධාරීන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිලධාරීන්ටත් සාක්ෂිකරුවන් ලිපි මගින් කෙළින්ම දන්වන්න තීරණය කරලා තියෙනවා. ලිපි ලියන්න හවුල් වෙන්න කියලා ලොව වටා සිටින 80,00,000කට වැඩි සාක්ෂිකරුවන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය ආරාධනා කරනවා.702017108_univ_lsr_lg

රුසියාවේ තිබෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය අන්තවාදී ආයතනයක් විදිහට නම් කරලා ඒක රජයට පවරාගන්න කියලා 2017 මාර්තු 15වෙනිදා රුසියාවේ අධිකරණ අමාත්‍යංශය රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. පරිපාලන මධ්‍යස්ථානයේ වැඩකටයුතු තහනම් කරන්න කියලත් එමගින් ඉල්ලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ඉල්ලීමට පක්ෂව තීන්දුවක් දුන්නොත් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරය අසල පිහිටි රුසියාවේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය වසා දැමෙනවා. ඒ වගේම නමස්කාර මධ්‍යස්ථාන මිල දී ගැනීම හෝ කුලියට ගැනීම සඳහා ලියාපදිංචි කළ නීතික ආයතන 400ක් පමණ රජයට පවරා ගැනෙන අතර සාක්ෂිකරුවන්ගේ 2,300කට වැඩි නමස්කාර මධ්‍යස්ථානවල වැඩකටයුතුත් තහනම් කෙරෙනවා. රටේ මූලස්ථානයේ දේපළත් රට පුරා ඇති නමස්කාර මධ්‍යස්ථානත් රාජසන්තක කරන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙමෙයි නමස්කාර කටයුතුවල හවුල් වන හැම සාක්ෂිකරුවෙක්වම අපරාධකරුවෙක් විදිහට සලකලා නඩු පවරන්නත් පුළුවන්කම ලැබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමට නියමිතව තිබෙන්නේ අප්‍රියෙල් 5වෙනිදායි.

සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ඩේවිඩ් ඒ. සෙමොනියන් ඒ ගැන මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය මේ අසාධාරණය ගැන විශේෂ අවධානයක් දීලා තියෙනවා. සාක්ෂිකරුවන් ත්‍රස්තවාදීන්ද? කාටවත් කරදරයක් නැති නීතිගරුක රටවැසියන්ව අන්තවාදීන් විදිහට සලකලා නඩු පවරන එක, අන්තවාදී ක්‍රියාවලට විරුද්ධව තියෙන නීතිරීති අයථා විදිහට පාවිච්චි කිරීමක්. මේක තනිකරම අසාධාරණ පදනමක ඉඳලා දාපු නඩුවක්.”

ලොව පුරා සිටින සාක්ෂිකරුවන් මේ විදිහට ඉල්ලීම් කරලා ලිපි ලිවීමේ වැඩසටහන් දියත් කරපු මුල් අවස්ථාව මේක නෙමෙයි. දැනට අවුරුදු 20කට විතර කලින් එවකට රුසියාවේ හිටපු බලධාරීන් සාක්ෂිකරුවන්ට විරුද්ධව නින්දාසහගත අසත්‍ය ප්‍රචාරයක් දියත් කෙරුවා. ඒ අවස්ථාවේදීත් අනිත් සාක්ෂිකරුවන් රුසියාවේ සිටි සාක්ෂිකරුවන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න කියලා ලිපි මාර්ගයෙන් ඉල්ලුවා. ඊට අමතරව ජොර්දානය, කොරියාව සහ මලාවි වගේ රටවල සාක්ෂිකරුවන්ට ගෙනා පීඩා නවත්වන්න ආණ්ඩු බලධාරීන්ව පොලඹවන්නත් සාක්ෂිකරුවන් ලිපි ලියා තිබෙනවා.

“එකට නමස්කාර කරන අය එකතු වෙලා බයිබලය කියවන එක, ගීතිකා ගායනා කරන එක, යාච්ඤා කරන එක අපරාධයක් වෙන්නේ කොහොමද? ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන් යවන ලිපි, අපේ සෙසු නමස්කාරකයන්ට විරුද්ධව අරගෙන තියෙන අසාධාරණ වැඩපිළිවෙළ නවත්වන්න රුසියාවේ බලධාරීන්ගේ හිත් පොලඹවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා” කියලා සෙමොනියන් මහතා කියනවා.

උපුටාගැනීම යෙහෝවා සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවියෙනි. /https://www.jw.org
රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමේ අවදානමක් තිබෙන මේ මොහොතේ ලොව වටා සාක්ෂිකරුවන් එකාවන්ව පෙළ ගැසෙයි

Save