සාන්ත මරියා ආදී ශිෂ්‍ය සංගමයට කාමච්චෝඩ⁣යේ මාතෘ සායන ගොඩනැඟිල්ල ලබාදුන්නේ කවුද?

0
177
Kamachchodaya Clinic
Kamachchodaya Clinic
Kamachchodaya Clinic

(11.23) මීගමුව  කාමච්චෝඩ⁣යේ  ජනතාවගේ අවශ්‍යතා සඳහා වෙන්වී තිබූ  සායන ගොඩනැඟිල්ල මේ වන විට මී.සාන්ත මරියා පාසලේ අාදි ශිෂ්‍ය සංගමයේ පරිහරනය සඳහා ලබාදී ඇති බව වාර්තා ව්. පසුගියදා එහි යම් කිසි උත්සවයක් ද සාන්ත මරියා ආදී ශිෂ්‍ය සංගමයවිසින් පවත්වා ඇති බව කාමච්චෝඩය පුදේශයේ ජනතාව පවසති. එම ප්‍රදේශයේ ගර්භනී කාන්තාවන්ගේ  ⁣සායන කටයුතු මෙන්ම දරුවන්ගේ පෝෂණය ⁣⁣නංවාලීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඇති  එකම ස්ථානය මේ ආකාරයට වෙනත් කටයුත්තකට දීම පිළිබඳව විමසීමක් අප විසින් මීගමුව නාගරික කොමසාරිස්වරියගෙන් කරන ලද විමසීමේදී ඇය විසින් ප්‍රකාශ කලේ මෙම⁣ ගොඩනැඟිල්ල සාන්ත මරියා පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔවුන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති නිසා එය ඔවුන්ට ලබාදී ඇති බවයි. එමෙන්ම මෙම ගොඩනැඟිල්ල ආදී ශිෂ්‍ය සංගමය විසින්  ලබාගෙන ඇත්තේ කුමන පදනමක් යටතේද එයින් නගර සභාවට ලැ⁣බෙන ආදායම කුමක්ද කියාත් ජනතාව දැනගත යුතුය. මෙම ඉල්ලීම ලිබිතව කරන ලද ඉල්ලීමක්ද යන විමසුමට ඇය ලබාදුන් පිළිතුර වූයේ  වසර කීපයකට පෙර නගර සභා රැස්වීමකදී මෙම ඉල්ලීම ඉදිරිපත්කර ඒ සඳහා අවසර ලබාදී ඇති බවයි.
කාමච්චෝඩය ජනතාවගේ මාතෘ සායන කටයුතු  පහසුවෙන් සිදුකරගැනීමට ඇති ලඟම ස්ථානය මෙය බවත් එසේ නැතහොත් ඔවුන්ට කුඩාපාඩුව දක්වා යාමට සිදුවන බවත් ප්‍රදේශයේ කාන්තාවන් පවසයි.කාලයක් තිස්සේ කිසිඳු නටයුත්තක් මෙහි සිදු නොවුවද එය නැවත ගොඩනඟා මෙම ප්‍රදේශයේ ජනතාවට නැවත එය ලබාදීම මීගමුව නගර සභාවේ වගකීමක් බවද ප්‍රදේශවාසීන් පවසති.
එමෙන්ම වර්තමාන නගරාධිපතිවරයාද මෙම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකි.