සාමි පාලම Saami Bridge

0
68

සාමි 3

පරිවර්තනය නිර්මාණශීලී කර්තව්‍යක් වුව ද එය අතිශය දුෂ්කර ක්‍රියාවකි. එක බසකින් හැගවෙන කියැවෙන දෙයක් අර්ථාන්විත ව හා නීරස වියලි බවකින් තොරව තව බසකට පෙරලීම සුළුපටු අභියෝගයක් නොවේ. පැය හත අටකින් දකුණෙන් උතුරට හෝ උතුරෙන් දකුණට ආ හැකි ය. නමුත් තවමත් දෙමලාගේ හදවතට සිංහලයාට එබෙන්නටත්, සිංහලයාගේ හදවතට දෙමලාට එබෙන්නටත් භාෂාව බාධකයක් වී ඇත. යා නොවුණු මේ දෙඉවුර යාකරන්නෝ විරල හ.. නමුත් ඒ විරල තත්ත්වය තුල ව්‍යාතිරේඛයක් ඇත. ඒ සාමි ය. සාමිනාදන් විමල් ය. දෙමළ සිංහල දෙබස ම එක ලෙස ව්‍යක්ත සාමි දැනට යාපනය විශ්ව විද්‍යාලයේ ජේය්ෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරයි. සරල දිවි පෙවෙතක් ගත කරන මේ සොඳුරු මිනිසා, මා යාපනයට පසුගිය දිනෙක පැමිණි විට මා කැන්දා යන්න නිහතමානීව පැමිණයේ තම බයිසිකලයෙනි. මගේ ගමන් මලු දෙක තම බයිසිකලයේ තබාගෙන තල්ලු කරගෙන යන අතර මට සිතුනේ මේ සරල කුඩා මිනිසා උතුර දකුණ යා කරන දැවැන්ත පාලමක් කියා ය.
(උදාන් ප්‍රනාන්දුගේ මුහුණු පොතෙනි…)සාමිනාදන් 2

A short note to recognize and celebrate the contribution of Saminathan Wimal, Senior Lecturer, University of Jaffna who is fluent both Tamil and Sinhala and does a great job of telling one’s story to another. The humble man he is, Saamy came to pick me up from Jaffna rail station on his bicycle and insisted that he carries my two travel bags to the place I stayed. Samy is a simple tiny man but he’s indeed an enormous bridge that connects the two ethnic communities who live on the two banks of the linguistic divide