සම්භාව්‍ය ගනයේ චිත්‍රපට කරුවකු ලෙස බොහෝ දෙනා ඔහු හැදින්වුයේ ඔහු සැබවින්ම එවැනි කෙනෙක්මවූ නිසාය. තවත් කණ්ඩායමකට ඔහු වම් ඉවුරේ සිනමා කරුවෙකු විය. නියත වශයෙන්ම පතිරාජයන් සුවිශේෂ සිනමා කරුවෙකි. ඔහුගේ “අහස් ගව්ව”, “එයා දැන් ලොකු ලමයෙක් ” සහ “ඹබරු ඇවිත්” අප නරඹන්නේ ඒවා තිරගතවී වසර ගනනාවකට පසුව විඩියෝ හෝ සීඩී තාක්ෂණයට පින්සිදුවන්නටය.
කාලය කොතරම් ගෙවී ගියත් ඔහු සිනමාව තුලින් කතා කරන මාතෘකාවන් සෑම කාලයකටම අදාල වන්නේය. නිර්මාණකරුවකුගේ සුවිශේෂත්වය එයයි.
1980 දශකය මුල්භාගයේ තිරගතවූ “සොල්දුදු උන්නැහේ” චිත්‍රපටය තුලින් ඔහු කතිකාවට ලක්කරන ‘නිදහස’ තවමත් සංවාදයට ලක්විය යුතු දෙයකි. 1877 න් පසුව මෙරටට එන නිදහස් වෙළඳපොල ආර්ථිකයත් සමග පතිරාජයන් වැනි නිර්මාණ කරුවන්ට සිදුවුයේ උඩුගං බලා පීනන්නටය.
එතනදී සම්භාව්‍ය සිනමා කරුවන්ට රජයෙන් ලැබිය යුතු අනුග්‍රහය ලැබූනානම් පතිරාජ තවත් බොහෝ නිර්මාණ අපට දයාද කර දෙනු ඇත. නිෂ්පාදනය කිරීමට සියලු සැලසුම් සකස් කර තිබූ “ෂෙල්ටන් සහ කාන්ති” නිර්මාණය නොවුනේ ඒ නිසාය.
පතිරාජයන්ගේ ටෙලි නාට්‍ය ආගමනය තවමත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ ඇත. “කඩුල්ල”එසේ කතිකාවකට පත්වූ නිර්මාණයකි.
ධර්මසිරි බණ්ඩාරනායකගේ “හංස විලක්” චිත්‍රපටයට ඔහු ලියූ ” “හිමින් සැරේ පියා විදා” ගීතය චිත්‍රපට ගීතයේ නොමැකෙන මං සලකුණු තැබුවේය. ආචාර්ය ධර්මසේන පතිරාජ විශ්ව විද්‍යාලය කතිකාචාර්ය වරයකු ලෙස සරසවි සිසුන් අතර ඉතා විශිෂ්ට ගුරුවරයකුව සිටියේය.
එකට එකක් වෙනස් සමාජය යථාර්ථයක් ඉතා පරිස්සමින් අල්ලාගත් ඔභහු එවා ඉතා ගැඹුරුන් සංවාදයට ලක්කල හැකි සමාජ වාතාවරණයක් ගොඩ නැගූ යථාර්ථවාදී සිනමාවේදියකු බව කිව යුතුය.
අරුණ ශාන්ත නෝනිස්