සැප්තැම්බරයේ යාල වනෝද්‍යානය වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

0
453

8

යාල ජාතික වනෝද්‍යානයේ සතුන්ගේ ස්වභාවික චර්යාවන්ට ඉඩසැලසීමටත්, වාසස්ථාන යථා තත්වයට පත් කිරීමටත්,උද්‍යානයේ යටිතල පහසුකම් දියුණු කිරීමටත් වනෝද්‍යානයේ කලාප අංක 1 කොටස ලබල සැප්තැම්බර් පළමුවැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා සංචාරකයන් සඳහා වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කලාප අංක 01 පලටුපාන පිවිසුම ආශ්‍රිතව දැඩි සංචාරක තදබදයක් ඇති බැවින් එය සතුන්ගේ ස්වභාවික චර්යාවන් සදහා දැඩි බලපෑමක් ඇති කරන බැවින් මෙම තීරණය ගෙන ඇත.  කලාප අංක 01 මෙසේ වසා තැබුවද කලාප 3,4,5 සංචාරකයන් සඳහා සුපුරුදු පරිදි විවෘතව තැබෙන බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.