සැබෑ අසරණයන්ට පමණක් සරණ වෙමු…

0
279

මිගමුවේ සුපිරි අවන්හලක් වෙච්ච ග්‍රැන්ඩ් එක ඉස්සරහ හිටපු යාචකයෝ දෙන්නා ගැන යමක් ලියන්න ඕනා කියල හිතුනේ මේ දෙන්නාගේ හැසිරිම ගැන පැය භාගයක් විතර හොඳට බලන් හිටියට පස්සේ.

මේ එක්කෙනෙක් හිටියේ බීලා.සාමාන්‍යයෙන් මනුස්සට හැමදාමත් එහෙමයි.මේ ව්‍යාපාරික පරිශ්‍රය තුල හිඟන්නන්ට උදව් කරන එක ගැන දෙපාරක් හිතන්න ඕන විදියේ දැන් විමකුත් ගහල තියෙනව.

නැතිබැරි අයට මේ කාලේ උදව් කරන්න ඕන තමයි .නමුත් අපි තෝර බේරගන්න වෙනව අපි කාටද ,කොයි වෙලාවෙද කොහොමද උදව් කරන්න ඕනා කියල.

අද ඉරිද පල්ලි ගිහින් එනගමන් කන්න කෑමත් අරගද්දි ඒක ඉස්සර යාචකයෙක්ටත් යමක් අරන් දෙන එක පිනක් කියල හිතපු කිප දෙනෙකුත් අද අපේ නිරික්ෂණයට ලක්වුනා.

නමුත් මේ හිඟන මනුස්සයෝ ඇත්තටම කරන දේවල් දැනගන්න උවමනාවක් යමක් දෙන අයට නැ.ඒක හරි .ඒ හින්දම අපි ඒව ගැනත් දෙපාරක් හිතන්න ඕනා.නැත්නම් අතපය හොදට තියෙන යමක් කරල කියක් හරි හබ්බකරගන්න පුලුවන් අයවත් අපි තවත් ශරිර හොරු කරල සමාජය තුල තවදුරටත් නඩත්තු කරනවා.

කන්න මොනව හරි අරන් දෙන්න කියල කිව්වට මෙයාලට හම්බ වෙන කෑම බෑග් එකක එකතු කරනවා.ඒක එල්ලල තියෙන්නේ දෙන අයට නොපෙනෙන තැනක.

ඉතින් අපි මේව ගැන දෙපාරක් හිතමු.ඇත්තටම අසරණයන් වෙනුවෙන් පමණක් සරණ වෙන්න බලමු.අනික මේ අයගෙන් මේ තැනට එන පාරිභෝගිකයන්ට වෙලා තියෙන හිරහැර ගැනත් මේ කළමණාකාරිත්ව අවධානය යොමු කරන්න කියල ඉල්ලිමක් කරල තියෙනව.සමරක් පාරිභෝගිකයන්ට තර්ජන කිරිම් සිදුවෙලා තියෙනව .
ඉතින් අපි සෑබෑ අසරණයන්ට පමණක් සරණ වෙන එක ගැන හිතන්න පුරුදු වෙමු.