සැලැසුම් නැති රටක පාලකයෝ නිසා දුක්විදින අසරණ ධිවරයෝ !

0
125

IMG_20200424_080543IMG_20200424_080700IMG_20200424_080527( 11.55 am ) මෙරට පළමු කොරෝනා රෝගියා වාර්තා වන්නේ මාර්තු 11 වෙනිදාය. ඇදිරි නිතිය පැනවෙන්නේ මාර්තු 19 වෙනිදාය. කඩින් කඩ ඉවත් කරමින් තිබුණ ඇදිරිනිතිය අවදානම් කලාප සේ ගැනුනු ගම්පහද ඇතුළු දිස්ත්‍රික්ක කිපයක් වෙත දිගටම ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය.
මේ අතර කාලය තුල ගොවියන්ට ගොවිතැන් කරන්නටත් ඒ එළවළු අලෙවි කරගැනිමට අඩුපාඩුකම් සහිතව හෝ කිසියම් පසුබිමක් රටතුල ගොඩනැගි තිබුනද ධිවරයන්ට අදාල කිසිදු විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නට රජය සැබැවින්ම අපොහොසත් විය.
ධිවරයන්ට මාලු ඇල්ලිමට යැමට අවසරයද ලැබුණි. මාලු ප්‍රවාහනයටද ඉඩ පසුව ඉඩ සැලසුනේය. එහෙත් ගැනුම් කරුවන් නැතිව අසරණ වු ධිවරයා මුහුණ දුන් සැබැ ප්‍රශ්ණයට රජයට තිබුනේම පැලැස්තර විසදුම් පමණි.
ලංකාවේ ප්‍රධාන ධිවර නගරයක් වු මීගමුවේ මේ වන විට ප්‍රධාන ලෙල්ලම් තුනම වසා දමා ඇත. ඉන් දෙකක් පොලිසි දැනුම් දිම් මත වසා දැමුනු අතර අනික් ලෙල්ලම අද දිනයේ එහි මසුන් අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයන් විසින් ගනු ලැබු තින්දුවකට අනුව වසා දමා ඇත.
මේ පසුබිම තුල ඊයේ කලපුවට මුහුදුට ගිය ධිවරයො පාරවල් අද්දර අද මාළු විකුණන තරම් තත්වයකට පත්ව සිටිති.
රජය වහා මේ ප්‍රශ්ණයට මැදිහත්විය යුතුව තිබේ.IMG_20200424_075959

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here