සෑම දිනකම කුට්ටිදුවේ මාළු වෙළඳපොල දවල් 12 ට වසා දමන ලෙස පොලිස් නියෝගයක් !

0
96

bsh

sdr
දවල් 12 ආසන්න වන විට බිම මාළු තබාගෙන විකුණන සියල්ලෝ ඒවා අස්කරගත යුතුය

මීගමුවේ කුට්ටුදුව ප්‍රදේශයේ පිහිටි මාළු වෙළද පොල පවතින කොරෝනා තත්වය යටතේ දවල් 12 ට වසා දමන ලෙස පොලිසියේ ඉහල නිළධාරින් විසින් නියෝග දි තිබිම නිසා තමන් විකිණිමට ගත් මාළු විකුණාගැනිමට නොහැකි අර්බුදයකට පත්ව ඇතැයි එහි සිටින මාළු වෙළෙන්දෝ පවසති.
මේ අය දවල් 12 න් පසු සිය ඉතුරු වි ඇති මාළු ටික එලියට ගෙනවිත් ඉටි කොලයක තබා පාරේ විකිණිමට පසුගිය දිනවල කටයුතු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි එහි සිටි පොලිස් නිළධාරියෙකු කියා සිටියේ මෙය ඔවුන්ට ඉහලින් ලැබි ඇති නියෝගයක් බවයි. ඒ අනුව ඔවුන් කටයුතු කරන බවයි.
මාළු ඉතුරු වුනොත් වෙළෙන්දන් අසරණ වෙනවා නේදැයි අප කළ විමසුමට පිළිතුරු දෙමින් කියා සිටියේ පාරේ විකුණවද එය අපට ආදල නොවන බවයි.
සැබැවින්ම පොලිසියේ ලොකු මහත්තුරුන් සිතල කාමරවල සිට ගනු ලබන මෙවන් තිරණ කොයිතරම් නම් ප්‍රයෝගිකදැයි මේ රටේ වැඩියෙන්ම දැනෙන්නට පටන් ගත්තේ මේ කොරෝනා අර්බුදය සමය තුලය.