සිංගර් වෙතින් වොෂින් මැෂින් ගන්නවා නම් ප්‍රවේසමෙන්

0
917

2013-10-26 14.27.58
මේ දිස්වන්නේ වෙන්නප්පුවේ මගේ ඥාතියෙකුගේ  නිවසක පැත්තකට කර ඇති රෙදි සෝදනයන්ත්‍රයකි. මෙම වොෂින් මැෂින් එක මිළදී ගෙන  ඇත්තේ  වෙන්නප්පුව සිංගර් ආයතනයෙන් වන අතර අවුරුද්දක් ඇතුළත 06 වරක් පමණ අලුත්වැඩියා කිරීමට සිදුවි ඇත. වොරන්ටි කාලය තුළ 06 වරක් පමණ සිංගර් ආයතනයෙන්ම මෙම මැෂිම අලුත්වැඩියා කර දුන්න ද එය සාදා දුන් පසු එක්වරකට වඩා ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇත. දැන් වොරන්ටි කාලය ඉක්ම ගිය නිසා මිළදී ගත් ආයතනය වන වෙන්නප්පුව සිංගර් ශාඛවෙන්  එය නැවත බාරගන්නේ නැත. නමුත් වොෂින් මැෂින් එක ක්‍රියාත්මක වන්නේ ද නැත. මේ පිළිබඳ ඔවුන් දෙන එකම විසඳුම නම් අලුතින් මිළදී ගන්නා වොෂින් මැෂින් එකක් සඳහා සියයට 50ක වට්ටමක් දිමයි. නමුත් ගැටළුව වන්නේ මිළදී ගෙන අවුරුද්දක් ඇතුළත 05 වාරයකයකට වඩා කැඩුණ මැෂිමක් සඳහා ආයතනය සුතු වගකීම කුමක් ද යන්නයි. එබැවින් මෙසේ පාරිභෝගිකයන් අපහසුවට පත්කරීම එතරම් සාධාරණ නොෙව්.  මහන මැෂින් වලට  දිනා ඇති විශ්්වාසය හොද වුවත් රෙදි සෝදන යන්ත්‍ර නම් සිංගර් ආයතනයෙන් මිළදී ගැනීම පාරිභෝගිකයන්ට හිතකර නොවේ.

ජසින්තා නිර්මලී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here