සිකා කියන්නේ මොකක්ද?

0
604

index

 

සිකා වෛරසය ආසාදිත මදුරුවන්ගේන තමයි මේ රෝගය වැළදෙන්නේ.අපේ රටේද සිටින ඊඩිස්ඊජිප්ටයි නම් විශේෂයේ වෛරසය ආසාදිත මදුරුවන් සපා කෑමෙන් මේ වෛරසය අපට ශරීර ගවෙන්න පුළුවන්. සිකා වෛරසය ආසාදිත මදුරුවන්ගේ සපා කෑමට ලක්වන සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුටම සිකා වෛරස් රෝගය ශරීර ගත වෙන්න පුළුවන්. බොහෝ දෙනෙකුට එතරම් බරපතලරෝග ලක්ෂණ ඇති වන්නේ නැහැ. ඒ නිසාම මේ වැඩි දෙනෙක් සිකා වෛරසයේ ආසාදනයට ලක් වූ බව දැන ගන්නේ වත් නැහැ.

සිකා වෛරස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • උණ
  • සිරුරේ ඇතිවන පළු
  • හන්දිපත් ආශිත වේදනාව
  • ඇස් රතුවීමේ රෝගය (කන්ජන්ක්ටිවයිටිස්)

මදුරුවා සපා කෑමෙන් දින 2 -7ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්.

සිකා වෛරසය බෝ වීම සිදුවන්නේ කොහොමද?

ඊඩිස් මදුරුවා තමයි මේ වෛරසය මූලික වශයෙන් පතුරුවන්නේ. සිකා වෛරසය නිසා ආසාදනයට පත් කෙනෙක්ට ඊඩිස් මදුරුවෙක් දෂ්ට කලොත් ඒ මදුරුවා හරහා තවත් කෙනෙකුට රෝගය බෝ වෙන්න පුළුවන්. ගර්භණී මවක රෝගයට නතුවී සිටිනවා නම් ඇගේ දරුවාටත් සිකා වෛරසය බෝ වෙන්න පුළුවන්. කුස තුල සිටින විට හෝ දරු උපතේදී මවගෙන් දරුවාට මේ වෛරසය බෝ විය හැකි බව දන්නා කරුණක් වුවත් එය සිදුවන හැටි තවමත් නිශ්චිතවම හදුනාගෙන නැහැ.

මේ වෛරසය බෝ වීමේ හැකියාව ඇත්තේ කාටද?

වෛරසය දැනට රටවල් බොහෝමයක පැතිර තිබෙනවා. මේ රටවල සංචාරය කරන ඕනෑම කෙනෙකුට සිකා වෛරසය බෝ වීමේ, වාහකයෙක් වීමේ ඉඩකඩ තිබෙනවා.

මේ වෛරස් රෝගයෙන් වැළකීමට ගතයුතු පියවර මොනවාද?

මේ රෝගයෙන් වැළකීමට එන්නතක් නැහැ. මදුරු දෂ්ඨන වලින් වැළකී සිටීම තමයි කරන්න තියෙන හොදම දේ. ඔබත් ඔබේ පවුලේ උදවියත් සිකා වෛරසයෙන් වැළකීමට පහත පියවර ගත හැකියි.

  • ශරීරය සමුපූර්ණයෙන්ම ආවරණය වන ඇදුම් අදින්න.
  • සවස් වන විට මදුරුවන්ට පවේශ වීම අවහිර වන සේ දොර ජනෙල් වසා තබන්න.
  • නිවෙස් අභ්‍යන්තරයේ මදුරුවන්ගේන් ආරක්ෂා වීමට මදුරු කොයිලා හෝ වෙනත් මදුරු විකර්ශක යොදා ගන්න.රාතී කාලයේදී මදුරු දැල් භාවිතා කරන්න
  • අවට පරිසරය පිරිසුදව තබා ගන්න. මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා බලා පරිසරය සෞඛ්‍ය සම්පන්නව වෙනස් කරන්න.

 සිකා වෛරසය ශරීර ගතවූ විට සිදු කරන පතිකාර මොනවාද?

මේ වෙනුවෙන් විශේෂයෙන් නිපදවූ එන්නත් හෝ ඖෂධ නොමැත. රෝගය වැළදුන පසු පහත ආකාරයට ප්‍රතිකාර කරනු ලැබේ.

  • රෝගියා විවේතකයෙන් තබන්න.
  • විජලනය ඇති නොවීමට ඇති තරම් බීම වර්ග ලබා දෙන්න.
  • උණ පාලනයට ඖෂද ලබා දෙන්න.
  • ඇස්පිරින් හෝ NSAID කාණ්ඩයේ ඖෂධ ලබා නොදෙන්න.
  • ඔබ වෙනත් රෝගයකට කිසියම් ඖෂධයක් ලබා ගන්නේ නම් සිකා වෛරසයට පතිකාර ලබා ගන්න යන ඔබ ඒ බව වෛද්‍යවරයාට දන්වා සිටින්න.

රෝගය හදුනාගන්නේ කෙසේද?

මූලික වශයෙන් රෝගය පැතිර පවතින රටක සංචාරය කලේනම් හා ඉහත විස්තර කලරෝග ලක්ෂණ කිහිපයක් පෙන්වයි නම් රුධිර පරීක්ෂණයක් සිදු කෙරේ. ඒ වෛරස් සම්භවයක් සහිත ඩෙංගු ,චිකන්ගුන්‍යා ආදී රෝග නොමැති බව දැන ගැනීමට හා සිකා වෛරසය රුධිර සාමිපලයෙන් හදුනා ගැනීමටය. ආසාදනයට ලක්වී පළමු සතිය තුලදී රුධිර සාම්පලයක් පරික්ෂා කිරීමෙන් රෝගය තහවුරු කර ගත හැක.

සිකා වෛරසය වැළදීමෙන් වරක් රෝගී වූ විට නැවත නැවතත් රෝගය වැළදීමේ හැකියාවක් පවතීද?

වරක් වැළදුන පසු නැවතත් සිකා වෛරසය වැළදීමේ ඉඩකඩ අඩුය.

සිකා වෛරසය ගැබිණියන්ට බලපාන්නේ කෙසේද?

ගැබිණියන් සිකා වෛරසයට ගොදුරු වීමෙන් ඔවුන්ට උපදින දරුවන්ගේ හිස කුඩා වන බවටත් මොළයේ දෝෂ ඇතවන බවටත් හදුනාගේන තිබේ. නමුත් මේ සම්බන්දව විද්‍යාත්මක ලෝකය තවමත් නිසැක තොරතුරු ලබා දීමට අසමත්ය. බ්‍රසීලයේ හැර වෙනත් රටවල දරුවන්ගේ හිස කුඩා වෙමින් මොළයේ වර්ධණය හීන වන බවට තොරතුරු ලැබී නැත.

මිතිලායා ගමගේ
වෛද්‍යවරයා සගරාව ඇසුරිණි.