අද සවස 1.00 ට පමණ මම, වෙන්න්පුවේ සිට බසයකට නැග මීගමුව බලා යාමට පිටත් වුණා. කොළඹ බසයකට ගොඩ වුණේ ඉක්මණීන් යා හැකි නිසයි. දළුපත පසුවනවාත් සමඟ තරුණයෙකු බසයට ගොඩවුණේ පරණ වූ ඩොලැක්කියක් ද සමගිනි. බසයේ කරදර ඝෝෂාව මැද්දේ මේ කොලු ගැටයා මොනවාදෝ කියාගෙන කියාගෙන යයි. ‘‘අම්මා තමා මගේ බුදුන්, අම්මට මම පණ වගේ තමා සලකන්නේ, කියාගෙන කියාගෙන ගොස් යාන්තම් සිංදුවක් කියන්නට පටන් ගත්තා. ‘‘ නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා. ‘‘ ඒකත් , එක්ක තව එක සිංදුවක් කිව්ව මේ කොලුවා එයින් නැවතී තවත් කයිවාරුවක් කියාගෙන ගියේ ඔහුට ආධාර කළ යුතු ආකාරය ගැනයි. ‘‘ දෙයියනේ කියලා මම නැග්ගේ මේ බස් එකටයි, ඉස් ඉස්සෙලාම. මේ බස් එකේ ඉන්න හිත හොඳ නෝනලා මහත්තුරුන්ගේ අතින් බලමු මට කීය කීය ලැබෙයිද කියලා. හැබැයි දුන්නත් නොදුන්නත් ඔයගෛාල්ලෝ යන ගමන සාර්ථක වෙන්ඩ කියලා මම කියනවා, තරහා නෑ කා එක්කවත්‘‘
‘ වේලාව 1-30 පමණ නිසා සමහරුන් නිදිබරව ,වෙහෙසී සිටි සෙයක්ද තිබුණි. කෙසේ හෝ මේ තරුණයාට ටික වේලාවක් යනතුරුත් කිසිවෙකු කීයක්වත් දීමට ඉදිරිපත් වුණේ නැහැ. මොහු ද තරහෙන් මෙන් මිනිසුන් දෙස බලා හිදි.. ටිකකින් යාන්තම් වගේ එක කාන්තාවක් රු 5ක් දුන්නා. ලැජ්ජාවෙන් ගොඩගිය තරුණයා ඊළගට ලැබුණ රු 10 ත් ගෙන බසයේ පිටුපසට පියවර තැබුයේ මගීන්ට රවමින් , තරහෙනි, ඒ වන විට මමද ඔහුට දෙන්නට රු 10ක් ගෙන නැගිට්ටේ මීගමුවට ආසන්න වි තිබුණ නිසයි. දැන් සිංදු කිව්ව තරුණයා මගීන්ට බැනගෙන යයි. ඔහුගේ වචන වලින් කිව්වොත් ‘‘ සල්ලි දුන්න නෝනලාට ස්තූතියි. ඔයාලගේ දරුවන්ටත් මේ වගේ සින්දු කියන්ඩ වුණොත් එදාට ඔයාලට තේරෙයි, සල්ලි දුන්නේ නැති අයට නම් අනිත් අයට නම් හොඳක් වෙන්ඩ එපා, වලක වැටිලා හිටියත් මම නම් නෙමේ බලන්නේ ” කියමින් ගස්සාගෙන බසයෙන් බැස ගියා.
ඇත්තටම පස්සේ මට හිතුනා මේ මොකක්ද මේ උණේ කියලා. ඔහු බසයට නැග්ග වෙලේ ඉදලා මගින්ගෙන් අවධානය ලබාගන්ඩ නොදරපු උත්සාහයක් නෑ. වැඩියෙන් කියෙව්වා. රගපෑවා. පස්සේ සින්දු දෙකකුත් කිව්වා. බස් එකේ සෙනග හිටියේ නම් සීට් ගානටමයි. මට හිතුනේ මේ තරුණයා නැග්ගේ වැරදි වෙලාවක කියලයි. හැබැයි ඔහු අවසානයේදී හැසිරුණ විදහ නම් විදිි ගායකයෙකුට ගැලපෙන්නේ නෑ. වීදියේ හෝ බසයක ගයන ශිල්පීන් හෝ වාදකයින් ඉතා සුන්දර විදිහට මිනිස්සුන්ව සතුටු කරලා සල්ලි ඉල්ල ගන්නවා. එහෙම අය ලඟ පුදුමුකාර ඉවසීමක්, තමන්ගේ ගායනය ගැන විශ්වාසයක්, නිහතමානීකුමක් තියෙනවා. නමුත් මේ තරුණයා ලඟ තිබුණේ වීදියේ ගයන , පුද්ගලයෙකු තුළ නොතිබිය යුතු නුගුණක්. ඒ වගේම ඔහු කොච්චර කියෙව්වත් ඒවා ව්‍යාජයි. ඒ නිසා ඔහුට කාගේවත් හිතහොරකම් කරගන්ඩ ලැබුණේ නෑ. නිකම් පොකට් නොගහා පොකට් ගහන්ඩ ගියා වගේ තමයි තේරුණේ. සමහර දවස් වල මට හමුවෙලා තියෙනවා බස් වල සින්දු කියන තරුණයින්.ඔවුන්ට කතාකරලා ආයෙත් සින්දුවක් කියන්ඩ කියලා හිතෙන තරම්. වැඩියෙන් කීයක් හරි දෙන්ඩ හිතෙන තරම්.
‘‘මේ වගේ තරුණයෝ දැන් බස් එකට නැග්ගහම වැඩියෙන් කියන්නේ ඔවුන් කාගෙන්වත් සොරකම් නොකර, මේ විදිහට සිංදු කියලා ,ඔයගොල්ලෝ ගාවට එන එක ගැන ලැජ්ජාවක් නෑ. ඔයාලා දෙන එකෙන් තමයි අපේ ගෙදර අම්මයි ,තාත්තයි .නංගිය මල්ලියි ජීවත් වෙන්නේ, ඔය වගේ දේවල්. කොහොම හරි මේ විදිහට මේ තරුණයාට නම් වැඩිකල් බස් වල සිංදු කියන්ඩ ලැබෙයි ද දන්නේ නෑ.
සටහන- ජසින්තා නිර්මලී