සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි – ගෑස් පාලන මිල ඉවතට

0
53

සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුවය.

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය නිසා ජනතාවට පෝලිම්වල රස්තියාදු වීමට සිදුව තිබෙනබව පෙන්වාදී ඇති මුදල් අමාත්‍යවරයා, පාලන මිල ඉවත් කිරීමෙන් එම තත්වය වලක්වා ගතහැකි බව සඳහන් කර තිබේ. 

  ”බදු ගන්න පුළුවන් අය ගනීවි.. අනිත් අය අරපරිස්සමෙන් පිරිමහගෙන ජිවත්වේවි..” ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි වාර්තාවේ.   

කෙසේවුවද ජනාධිපතිවරයා විසින් මෙහිදී අමාත්‍යවරුන්ට උපදෙස් දී ඇත්තේ, එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළයෑමට ඉඩ නොතබන ලෙසයි.  

අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් එලෙස උපදෙස්දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේය.

theleader.lk