සිය දරුවන්ට සිදුවු දේ ගැන පිළිතුරු නොලබාම අම්මාවරුන් පස් දෙනෙක් මිය ගිහින් !|

0
80

 තම සමීපතමයන් සොයා ගනු පිණිස දවස් 200 ක්ද ඉක්මවා අඛන්ඩ සත්‍යග්‍රහයක නිරත වූ දෙමළ මාතාවන් අතරින් පස් දෙනකු පිළිතුරු නොලබාම මියගොස් ඇති බව යුරෝපා සංගමය පවසයි.

වරණීය බදු සහනය (GSP +) ට ලා තිබු තහංචි ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව අත් කරගෙන තිබෙන ප්‍රගතිය අධීක්ෂණයට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිත පිරිසක් මෙම හෙළිදරව්ව කර ඇත්තේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ දී හමුවීමෙන් අනතුරුවය.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් අයගේ ලැයිස්තුවක් ඉල්ලා ගැනීම පිණිස ඊට පෙරදා ජනාධිපතිවරයා හමුවට ගිය ඥාතීන් ගේ නියෝජිත පිරිසකට ආපසු යන්නට සිදුවී තිබුනේ පිළිතුරු නොලබාය.

“තමන්ගේ සමීපතමයන්ට අත්වූ ඉරණම කුමක්දැයි ආණ්ඩුව ඥාතීන් ට හෙළි කළ යුතුය,” යි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිකුත් කළ නිවේදනයකින් බලකර සිටී.

අවුරුද්දකට ඉහතදී නීතිගත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ක්‍රියාත්මක වූ පසු විසඳුම් ලැබෙනු ඇති බව රජයේ ස්ථාවරයයි.

රාජපක්ෂ පාලන සමයේ මානව හිමිකම් කඩකිරීම නිසා ශ්‍රී ලංකාවෙන් යවන වෙළෙඳ භාණ්ඩ සම්බන්ධයෙන් හත් අවුරුද්දක් තිස්සේ පනවා තිබූ තහංචිය ඉවත් කරමින් යුරෝපා සංගමය නැවතත් GSP + සහනය සලසා දුන්නේ මේ වසර මුලදීය.
www.radiogagana.com

Save

Save