සිරසට බෑ නායකයෝ හදන්න ! සිරස ෆේල් ! දැන්වත් පැත්තකට වෙන්න!

0
73

Asuසිරස නාලිකාවේ ප්‍රධානියා එදා සිට උත්සාහ ගත්තේ පොල්කට්ටෙන් වැසිය හැකි නායකයෙකු එජාපයට පත්කරගැනිමටය.
ඒ නිසාම ඔවුන් සජිත් ප්‍රේමදාසට තොණ්ඩුවක් දමා දක්කාගෙන ගිය අයුරු පසුගිය කාලය තුල පැහැදිලිවම පෙනි ගිය කරුණයි.
සිරස දැන්වත් මේ කූට රංගනය අතහැර දමා නැත.
මාධ්‍ය ආයතනයකට තරම් නොවන භාවිතාවක සිරස දැනුවත් නිරතව සිටි.
ඊයේ (14) ගාල්ල ආසනයේ බල මණ්ඩල රැස්වීම වාර්තා කළ ආකාරය සැබැවින්ම අප්‍රසන්නය.
මේ මාධ්‍ය භාවිතය පිලිබදව අදහස් දක්වමින් අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මහචාර්ය ආශු මාරසිංහ මන්ත්‍රීවරයා  අවධාරණය කර සිටියේ එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට සිරස ආයතනයට නොහැකි බවය
සිරසට නායකයෝ හදන්න බැරි බව දැන්වත් පිළිගත යුතුව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ කටයුතුවලට මැදිහත් නොවී පැත්තකට වී සිටින ලෙස ඔහු තවදුරටත් කියාසිටියේය.

කිසිලෙසකින්වත් පක්ෂය කඩා බිඳ දැමීමට ඉඩ නොතබන බවද හෙතෙම ප්‍රකාශ කළේය.