සිරස කඩමණ්ඩියේ ආදායම කාටද..??

0
74

සිරස කඩමණ්ඩිය පැවැත්වෙන්නේ මීගමුවේ කඩොල් කෑලේ ක්‍රිඩාංගනයේදිය.මේ වෙනුවෙන් රු ලක්ෂ 10 ක මුදලක් සිරස ආයතනය විසින් ක්‍රිඩාංගනය ලබාගැනිමට ගෙවා ඇතත් ඒ මුදල නිත්‍යාණුකූලව ලැබිය යුතුව ඇත්තේ මීගමුව මහනගර සභාවට වුවද එය ලැබි නැත..

වසර ගණනාවක් පුරා මෙම ක්‍රිඩාංගනය බදු ගෙන සිටි ජුපිටර්ස් සමාජය  අදාල සියළු ටෙන්ඩර් කොන්දේසි කඩකිරිම හේතුකොට ගෙන මෙම ක්‍රිඩාංගනය මීගමුව මහනගර සභාව භාරයට පත්ව තිබුනද එහි පාලනය තවමත් නගරසභාව වෙත ලැබි නැත.

මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකරන ලෙස ඉල්ලමින් මීගමුව මහනගර සභාවේ ක්‍රිඩා කමිටුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් දෙදෙනෙක් සහ විපක්ෂ මන්ත්‍රිවරයකෙ විසින් මීට මාස 6 ක පෙර මීගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුනද මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමිය එය පවර ගැනිමට තවමත් පියවර ගෙන නැත.

මේ සම්බන්ධයන් ක්‍රිඩා කමිටු එජප මන්ත්‍රි වෛද්‍ය හෙන්රි  රොසයිරෝ මහතා නගාරික කොමසාරිස් තුමියගෙන් අද දින විමසා සිටි අවස්ථාවේ ඇය පවසා තිබුනේ දැනට එය පාලනය කරනු ලබන්නේ පාපන්දු සම්මේලනය විසින් බවත් කඩිනමින් එය පවරා ගන්නා බවත්ය.

තවදුරටත් මේ ගැන ප්‍රශ්ණ කළ වෛද්‍ය රොසරියෝ මහතා ට පිළිතුරු සපයමින් කොමසාරිස්වරිය පවසා ඇත්තේ සිරස කඩමණ්ඩියේ ආදායම මීගමුව සා.මරියා විදුහලට ලබාදිමට ක්‍රිඩා පිට්ටනිය දැනට බලාගන්නා අය විසින් පියවර ගෙන ඇති බවය.

නගරසභාවට නිත්‍යණුකූලව හිමිව ඇති ක්‍රිඩාංගනයේ ආදයම ගන්නට අන් අයට හැකිවන්නේ කෙසේදැයි කොමසාරිස්තුමිය බදු ගෙවන ජනතාවට කඩිනමින් පැවසිය යතුව ඇත.