සිරස මාධ්‍යවේදියාට ඉන්ධන පිරවුම්හලකදී ප්‍රහාරයක්

0
194

මීගමුව සිරස වාර්තාකරු එම්.ඉෂෙඩ් සාජහාන් මහතාට අද (1) රාත්‍රී  8.10ට පමණ  දලුපත සිපෙට්කෝ පිරවුම් හලේදී පහරදීමක් සිදුකර තිබේ. ඔහු එම ස්ථානයට ගොස් තිබුණේ සිරස රාත්‍රී පුවත් සඳහා ඉන්ධන හල් වල තත්ත්වය පිළබඳ වාර්තාවක් සැපයීම වෙනුවෙනි .

. මාධ්‍යවේදි සාජහාන් මහතා එම ඉන්ධන හ⁣ල  වීඩි⁣යෝ ගතකර ,ඡායාරූප ගතකරමින් සිටියදී එහි හිමිකරු සහ සේවකයින් දෙදෙනෙකු පැම්ණ ඔහුට පහරදී තිබේ. එම අවස්ථාවේදි එම පුද්ගලයින් විසින් ඔහුගේ දුරකථනය සහ ,  රජයේ මාධ්‍ය හැඳුනුම්පත උදුරාගෙන ඇත.

මෙම පහරදිම හේතුවෙන් අතේ ඇඟිලිවලට තුවාල සිදුව ඇති අතර පපු ප්‍රදේශයේ දැඩිවේදනා තත්වයකින් පසුවන ඔහුව රෝහලට ඇතුලත් කිරිමට නියමිතය.