සිරිකුරුස පාලම අනතුරේ !දේශපාලකයෝ බොරු පොරොන්දු දී මගහරිති!

0
247

IMG-20190816-WA0003IMG-20190816-WA0001මීගමුව , මුන්නක්කරය සහ සිරිවර්ධන පෙදෙස යන ගම් දෙක යා කරන සිරිකුරුස පාලම මේ වනවිට අබලන්ව ඉතා අවධානම් තත්වයක පවතී. දෙපස ඇඳි කැඩී ගොස් ඇති අතර පාලම යට පුපුරා ගොස් එක පැත්තකින් ගිලා බැස ඇත .මේ පිළිබඳව මීට පෙර අපගේ වෙබ් අඩවියේද අවස්ථා කිහිපයකදී සඳහන් කර ඇත . නමුත් මෙය දේශපාලකයින්ට ඡන්ද පොරොන්දුවක් පමණක් විය. විවිධ අදහස් මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති නමුත් ඒ සියල්ල කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැතිව දියපිට ඇඳි ඉරි සේ මැකී ගිය බව අපි දනිමු .
ඇඳි වලට තාවකාලිකව පරණ නයිලෝන් ලනු ඇද ආරක්ෂක පියවරක් ගත්තේ ගම්වාසීන් විසින්ය.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මීගමුව සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා මීගමුව සංවර්ධන කමිටුවේදී ස්ථිරවම පාලම හැදීමේ වගකීම ඉටුකරන බවට පොරොන්දු විය .
එසේම නිමල් ලංසා මහතා මෙම පාලම පිළිබඳව දිග පලලද මැනගෙන ගිය නමුත් නැවත ඔහු මෙම ගම්පියසට අවේ නැති බව ගම්වාසීන් පවසයි .
මේ ආකාරයෙන් වන පොරොන්දු සමගින් පාලමේ අබලන් තත්වයද තව තවත් වැඩිවී ඇත. ඒනිසා මුන්නක්රයේ සී/ ස. ණ. ස සමීතියේ මැදිහත් වීමෙන් උද්ගෝෂණයක් සූදානම් කර ඇත. 18 වන ඉරිදා සවස 3.00ට පැවැත්වෙන මෙම උද්ගෝෂණයට මාධ්‍යට මෙන්ම මේ සඳහා සහයෝගය දක්වන සියළුදෙනාට ආරාධනා කර සිටී.