සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය පරදා ප්‍රජාතන්ත්‍රවාදය රැකදුන් ජනයාට පස්ස පැත්ත හරවන කාවින්දලාගේ කොක්ටේල් සොමිය !

0
273

escape 1අයවැයට ඡන්දය දිමට නම් ආසන සංවිධායකධුරයක් ඉල්ලා කප්පම් දේශපාලනයක නියැලුණ  පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සිය දේශපාලන ජිවිතයේ සිය දිවි නසාගැනිමේ තින්දුව ගෙන තිබුණි.
අද එජාප පාක්ෂිකයා හමුවේ ඇති බරපතල අභියෝගය නම් නැවැත රාජපක්ෂ පාලනය මේ රටට ගෙන ඒමට ඇති සියළු ඉඩ කොන්දේසි විරහිතව පරාජය කිරිමයි.
සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය පරාජය කිරිමට තරාතිරම නොබලා පෙරමුණු ගණනාවකින් රටපුරා අරගල ක්‍රියාත්මක වුයේද ඒ නිසාමය.
දැන් මේ කාවින්ද වැනි දේශපාලන අපතයන් හෑල්ලුවට ලක්කරමින් සිටින්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවායදය යළි ස්ථාපිත කර ගැනිම සදහා පසුගිය දින 51 දි කිසිදු වරදානයක් ඉල්ලා නොසිට ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ඉල්ලා සටන් කළ මිනිසුන් සහ ගැහැණුන්ගේ කැපකිරිම්ය.
අයවැය පරාදා යළි බලය රාජපක්ෂලාට බලයට ලබාදිමට වුව කැමතියි යන දේශපාලන පණිවිඩය දිය හැක්කේ සැබැවින්ම ජනතා ද්‍රෝහි අපතයන්ට පමණි.
එවැනි අපතයන්ගේ දේශපාලන අභියෝගවල යටවෙන දේශපාලකයන්ට හටද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිමට වෙනුවෙන් පෙරට ආ සැමගේ විරෝධය එල්ලවිම දැන් වලකා ගත නොහැක.
එපමණක් නොව රෙදි ඇදගෙන යළිත් දේශපාලන සහය ඉල්ලා සිටිමටද නොහැක.
මේ සියළු තත්වයන් යටතේ මිගමුව යනු රාජපක්ෂලා  විසින් සිය කළු සල්ලි කුඩු සල්ලි බලයෙන් රැකගැනිමට සියළු උත්සාහයන් ගත් ඒක මර්මස්ථානයකි.
රොයිස් විජිතගේ නායකත්වය යටතේ පැවැති මැතිවරණ සියල්ල තුලදි රාජපක්ෂලාව අන්ත පරාජයකට ලක්කරමින් මිගමුව තුල එජාප ධජය තවදුරටත් රැකදුන්නේය.
කාවින්දලා වැනි දේශපාලන අපතයන් දැන් හදන්නෙ මිගමුවේ එජාප ධජය සිය රාත්‍රි මිතුරාගේ පවුලට ලබාදිමට කටයුතු කිරිමය.
රනිල් අකිල හවුල සිදුකළේද මෙවන් අපතයන්ගේ නරුම ඉල්ලිම් වලට ඉඩලබා දිමය.
දෙහිමල්වත්ත වැනි අතිශය කුඩා ගම්පියසකට ගොඩවැදි එජාප ක්‍රියාකාරින්ව හමුවිමට වත් ඉඩක් නැති  ඒ ගම්වැසියන් විසින් බැනවැදි එලවා දමන තත්වයකට පත්ව සිටින කාවින්ද  දැන් හදන්නේ එජාප මැතිඇමැත්තෝ මිගමුවට කැදවා කෝක්ටේල් පාටි දමන්නටය.
එවැනි කෝක්ටේල් පාටිවල එන මැති ඇමත්තෝ සියල්ල වැටෙන්නේද ප්‍රජාතන්ත්‍රවාදි අරගලයට උර දුන් කොන්දේසි විරහිතව සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණය පරාජය කළ ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ අරගලයේ ශක්තියට පස්සා පැත්ත හැරවිමය.
එපමණක් නොව කාවින්දගේ මේ අපත කොක්ටේල් ජවනිකාවට පක්ෂයේ නායකයා වන රනිල්වික්‍රමසිංහ පැමිණෙන්නේ නම් අපට ඔහු කරන්නේ දේශපාලනික සිය දිවි නසාගැනිමේ තින්දුවකි.
මිගමුවේ කාවින්දගේ කොක්ටේල් සාදය යනු ඒ අනුව තීරාණාත්මක එකකි.
ලසන්ත ගුණවර්ධන