සිරුරු ගොඩ ගනියි! මුන්නක්කරයම හඬයි !

0
318
මීගමුව මුන්නක්කරය සිරිවර්ධන ප්‍රදේශයේ ජනතාව අඬවමින් කලපු සිරි නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පියා දුව යන දෙදෙනාගේ මළ සිරු 25 වැනි දින ගොඩගනු ලැබීය,
 
               මෙලෙස මියගොස් ඇත්තේ මුන්නක්කරය සිරිවර්ධන ප්‍රදේශය පදිංචිව සිටි රනිල් ප්‍රනාන්දු පියා(51)දුව නිලූෂා නෙත්මි අවුරුදු (19) යන දෙදෙනාය.
 
            මෙම ගමනට එක්වූ 59  වියැති ඩෙනී ප්‍රනාන්දු සහ අවුරුදු 5ක දැරියක් වූ දිනා මේ වන විටත් මීගමු රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිති,මේ සඳහා  එක්ව ඇත්තේ එකම පවුලක ඥාතීන් හත් දෙනකු බව කියයි.මෙම අයගේ ඥාති සහෝදරයෙක් වන  පියතුමෙක්ද මෙම චාරිකාවට එක්ව ඇත,අතුරුදහන්ව මියගිය නෙත්මි ඔරුවේ සිටි අවුරුදු පහක දැරියව තම අත්  දෙකෙන් ඉහළට උසවා එතැන සිටි අයකුට දී ඇය ජලය යටට නොපෙනී ගිය බව ජීවිතය බේරගත් අය  ඇඬු කඳුළෙන් පවසති.
 
           
කලපු චාරිකාවට යොදා ගත් ඔරුව

   කලපු සිරි නරඹමින් ඉදිරියට යමින් මාළු කොටුවකට කෑම දමා අනතුරුව විහිළු තහළු කරමින් ගමන් කරමින් සිටින විට මොහොතකින් ඔරුව ඒ මේ අතට වැනෙන්නට වී බෝට්ටු දෙකක් මැද්දේ හිර වුණ බව කියයි
ඒ සමගම මෙම අනතුර සිදුව තිබේ
සිද්ධිය  වු ස්ථානයට මීගමුව  වැඩ බලන මහේස්ත්‍රාත්  ඉන්දික සිල්වා මහතා  25 වෙනි දින පෙරවරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂණයක් කර ප්‍රකාශන ලබා ගැනීමෙන් අනතුරුව මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය  නිලධාරි මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තා කරන ලෙස මීගමුව  පොලිසියට නියම කරන ලදී. මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ  66412 කොතලාවල,32735 සේමසිංහ,යන නිලධාරීන් සාක්ෂි මෙහෙයවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here