සිව් වසරක ජයග්‍රහණ රටට අහිමිවීයාමේ ඉඩක් ! මංගල

0
53
පසුගාමී ග්‍රාම්‍ය චින්තනය උත්කර්ෂයට නැගීම තුළින් පසුගිය සිව් වසරක් තුල අප අත් කරගත් ජයග්‍රහණ බොහෝමයක් රටට අහිමිවී යාමට ඉඩ තිබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අපගේ විදේශ ප්‍රතිපත්ති නැවතත් ස්වයං හුදකලා, ගැටුම්කාරි පසුගිය යුගයට නැවත තල්ලු කළ යුතු නැතයි ද ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මංගල සමරවීර අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර විරෝධය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

WhatsApp Image 2019 08 21 at 12.14.11 PM
මේ අතර ඊයේ සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ කර්තෘ උවිඳු කුරුකුලසූරිය මෙසේ සටහනක් තබා තිබිණ.

”සජිත්ව ජනාධිපති කරන්න හදන හැම දේටම කතා කරන මංගලයි, එයාගෙ සජිතුයිත් කියන්න ඕනෙ ඒ ගොල්ලනෙගෙ අදහස හමුදාපති පත් කිරීම ගැන”

කෙසේවුවද මංගල සමරවීර අමාත්‍යවරයා සිය අදහස පළකර ඇත්තේ, මතුවෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින්, ”ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්” බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තිබියදීය.

ඒ අතර එජාප ජනාධිපති අපේක්ෂක සටනේ සජිත් ප්‍රේමදාසට සහය දක්වන ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ද ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් සතුට පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළකර තිබේ.

ඒ අතර ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ කතුවරයා තවත් පොස්ටුවක් පළකරමින් සිය FB පිටුවේ මෙසේ ද සටහනක් ද පළකර ඇත.

ඊයේ මාධ්‍ය ඇමතු චම්පික රණවක අමාත්‍යවරයා, ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව දක්වන ප්‍රතිචාර පිළිබඳව විරෝධය පළකළේ මෙසේය.

පොහොට්ටු කඳවුර නිහඬයි !

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් හා ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයෙන් මතුවන විරෝධතා හමුවේ ආණ්ඩුවේ පාර්ශවයන් අතර මෙසේ මතගැටුමක් හටගෙන තිබිය දී පොහොට්ටු පක්ෂය හා එහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

රොයිටර් පුවත් සේවය කළ විමසීමකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති නිලධාරියෙකු හමුදාපති තනතුරට පත්වීමත් සමඟ දෙරට අතර යුධ සබදතාවලට මෙන්ම ආයෝජනවලටද බලපෑම් එල්ල විය හැකි බවයි.
theleader.lk

සබැඳි පුවත් :
ඇමරිකාව ශවේන්ද්‍රට ගහද්දි ගෝඨා නිහඬ ඇයි?