සිවිල් අරක්ෂක පාට් දමා කොල්ල කයි

0
70


Negombo-News
-මීගමුව විද්‍යාලංකාර විද්‍යාලය අසලදී සිවිල් ආරක්ෂක නිලධාරීන් යැයි පවසමින් සේවය නිමවා පැමිණෙමින් සිටි තරුණයන් දෙදෙනෙකු සතු රුපියල් 15200 ක මුදලක් කොල්ල කා පලාගිය කොල්ල කල්ලියක් මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය නොවැම්බර් 10 වැනි දින සවස 4.30 ට පමන සේවය නිමවා මෙම තරුණයින් දෙදෙනා ඔවුන් සේවය කරන පෞද්ගලික ආයතනයේ සිට පංසල පාර ඔස්සේ පාපැදි වලින් ගමන් කරමින් සිට ඇත. විද්‍යාලංකාර විද්‍යාලය අසලදී ත්‍රිරෝද රථයකින් පැමිණු 04 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඔවුන් සිවිල් ආරක්ෂක අංශයේ බවත් මෙම තරුණයින් දෙදෙනා සන්තකයේ ගංජා ඇති බවට හෝඩුඩාවක් ලැබුණු නිසා ඔවුන් දෙදෙනාව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇත.

ඒ අනුව එම කල්ලිය විසින් මෙම තරුණයන් දෙදෙනාගේ මුදල් පසුම්බිද පරික්ෂා කරන නියාවෙන් එහි ඇති මුදල් රැගෙන ඔවුන් පැමිණි තී්‍ර රෝද රථයෙන් ම පලාගොස් තිබේ. ඒ අනුව එක් තරුණයෙකුගේ පසුමිබියේ තිබී රුපියල් 9000 ක්ද අනෙක් තරුණයාගේ මුදල් පසුම්බියේ තිබු රුපියල් 6200 ක මුදලක් ද මෙලෙස කොල්ල කා තිබුණි. මේ පිලිබදව මීගමුව පොලිසියට කරන ලද පැමිණිල්කට අනුව මෙම සිද්ධියට සම්බන්ධ කොල්ලකල්ලියේ සමාජිකයෙකු වන මීගමුව පන්සල පාරේ පදිංචි තරුණයෙකු පොලිසිය විසින් ප්‍රථමයෙන්ම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්කුඩු වලට ඇබ්බැහි වූවෙක් බවත් එම තරුණයාව අත්අඩංගුවට ගැනීමේදී ඔහු මත්කුඩු උරමින් සිටි බවද වැඩිදුරටත් වාර්තා වුණි. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ කටාන කේ.සී. ද සිල්වා පුරයේ වෙසෙන තරුණයන් දෙදෙනෙකු සහ කිඹුලාපිටිය , ගල්මංකඩ ප්‍රදේශයේ වෙසෙන තවත් තරුණයෙකු ඇතුළු එම සැකරුවන් සිව් දෙනාවම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර ඇති අතර එහිදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලාණි එස්. වීරතුංග මහත්මිය විසින් මෙම සැකකරුවන් සිව් දෙනාව ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නි්යෝග කර තිබේ. මීගමුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුරටත් පරීක්ෂන මෙහෙයවයි.