සිවිල් සංවිධාන මර්ධනයට එරෙහි සටන මාධ්‍ය හමුවට…

0
738
1NGO රෙජිස්ටාර්ගේ නීති විරෝධී ලිපියට විරෝධය රාජ්‍ය නොවන සංවිධාන මර්ධණයට එරෙහිව පෙළ ගැසෙමු යන තේමාව යටතේ අද දින සිවිල් සංවිධාන ජාතික සමුථවක් කොළඹදී පැවැත්වු අතර එම සමුථවෙන් පසුව සිවිල් සංවිධාන එකමුතුව විසින් මාධ්‍ය හමුවක්ද සංවිධානය කොට තිබිණි.එහිදී අදහස් දැක්වු සිව්ල් සංවිධාන එකමුතුවේ කැදවුම්කරුවන්,අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රීටෝ ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්
අපි ජනාධිපතිට සහ ආරක්ෂක ලේකම්ට අභියෝග කරනවා පුලුවන්නම් චක්‍රලේකන නෙමෙයි ඕන එකක් ගෙනල්ලා සිවිල් ක්‍රියාකාරීත්වය හැකිනම් නවත්වන්න කියලා. අපේ සල්ලි කප්පාදු කරන්න පුළුවන්, අපේ අය අත්අඩංගුවට ගන්න පුළුවන්, අපේ සංවිධාන නීති විරෝදී යැයි කියන්න පුළුවන්, ඒත් රටේ යහපාලනය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි කරන දේවල් නවත්වන්න අපිට කිසි උවමනාවක් නෑ. අපි එහෙම කරන්නෙත් නෑ. අපි ඉදිරියේදී ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙනවා එය ආණ්ඩුව ඇතුළු මේ රටේ සියළු දේශපානලන පක්ෂ අනුගමනය කල යුතු වෙනවා. අද දෙමළ මාධ්‍යෙව්දීන්ට කොළඹට එන්න බැරි තත්වයක් තියෙන්නේ මේ තත්වයට එරෙහිව සිවිල් සංවිධාන විදිහට අපි නැගී සිටිනවා.නිදහසේ වේදිකාවේ සම කැදවුම්කාරිනි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය අදහස් දක්වමින්,

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යංශය විසින් ලිපියකින් දැනුම්දී තිබෙනවා තමන්ගේ විෂය පථයට අදාලව රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කල යුතුයි කියලා. මේ කාර්යංශය කුමන කාරනාවක් මත පිහිටෙව්වාද කියන එක අපිට දැනගන්න අවශ්‍යයි ඒ වගේම එම ලිපිය අපිට අදාල නැහැ. මන්ද රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විෂය පථය ගොඩ නැගෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ව්‍යවස්ථාව අනුව සහ අපි විසින් තෝරා ගනු ලබන විෂය පථයන් අනුකූලවයි. එය විශ්ව මානවහිමිකම් ප්‍රකාශණයේ කරුණු කාරනා මත පදනම්ව තමයි හැම රාජ්‍ය නොවන සංවිධානයක්ම පදනම් වෙන්නේ. කවදාවත් රාජ්‍ය නොවන සංවිධානයක් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරන රාජ්‍යයක් බේරා ගැනීම අපේ විෂය පථය නොවෙයි. ඒ අනුව තමයි රාජ්‍ය නොවන සංවිධාන සහ ජාතික ආරක්ෂක අමාත්‍යංශයත් අතර ගැටුම ඇරඹෙන්නේ, රාජ්‍ය නොවන සංවිධාන පිටිටුවලා තිබෙන්නේ රාජ්‍යක අතකොළුවක් වෙන්න නොවෙයි. විවේචනාත්මක ජනමතය ගොඩනැගීම තමයි සිවිල් සංවිධානයන්ගේ කාර්යභාරය.

රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලැබෙන්නේ මහ බැංකුව හරහා ඒව කුඩු සල්ලිවත්, කප්පං ගත්ත සල්ලිවත් නොවෙයි, අපි විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තීන් අනුව කරනු ලබන වැඩසටහන් සදහා ලැබෙන මුදල්, ඒ නිසයි ඒ දේවල් එළි පිට කරන්නේ, නමුත් දැන් ආණ්ඩුව කියනවා ආණ්ඩුව යටතේ ලියාපදිංචි වෙන්නලු එහෙම වුනාම ආණ්ඩුවත් එම මුදල් වලින් 10% කපාගෙන තමයි අපිට දෙන්න හදන්නේ. ආණ්ඩුව දිවිනැගුමට මුවාවෙලා සමෘද්ධියෙන් කප්පම ගත්ත වගේ මෙතෙක් කරන සියළුම ව්‍යාපෘති වලින් කොමිස් ගහනව වගේ රාජ්‍ය නොවන සංවිධාන වලිනුත් කොමිස් ගහන්නයි මේ උත්සහ කරන්නේ. ආණ්ඩුව විසින් මේ නිතුක් කරන චක්‍රලේක වලින් සිදු කරන්නේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය අඩපන කිරීමට ජනාධිපතිගේ විධායක බලය ආරක්ෂක ලේකම් හරහා යෙදවීමක්.

පසුගිය දා උතුරේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම මගින් එල්එල්ආර්සී වාර්තාවේ කරුණු උල්ලංඝනය කර තිබෙනවා. එහි කියවෙනවා උතුරේ සිට එන මාධ්‍යවේදීන්ට ඔබ මොබ යෑමේ නිදහස ඇත කියලා. නමුත් එය උල්ලංඝණය වෙලා තිබෙනවා. අපි මේ දේවල් බය නැතුව කියනවා ඒ නිසා තමයි ආණ්ඩුව අපේ කටවල් වහන්න උත්සහ කරන්නේ.

රයිට්ස් නව් ආයතනයේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා අදහස් දක්වමින්

ජනතාවගේ රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව විසින් සහතික කරල තිබෙන මානව අයිතිවාසිකම් සහතික කර ගැනීම වෙනුවෙන් එකතු වෙලා ක්‍රියාකරන බවට සිවිල් සංවිධාන ලෙස අපි එකගතාවයකට පැමිණිලා තිබෙනවා. මේ රටේ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාවට විධායකයට නොවෙයි ඒ වගේම ලංකාව ආණ්ඩුව ඇතුළු සියළුම රටවල් ජාත්‍යන්තරව මානව හිමිකම් ප්‍රඥ්ඥප්තියකට බැදී සිටිනවා. ඒ අනුව සෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා නීත්‍යානුකූල නොවන දෙයක් උදෙසා එක්රැස්වී සංවිධානය වෙන්න. ඒක ලොව පිළිගත්ත අයිතිවාසිකමක්

පසුගිය දා රාජ්‍ය නොවන සංවිධාන කාර්යංශ ලේකම් විසින් ප්‍රකාශ කරනු ලැබුවා රාජ්‍ය නොව සංවිධානවලට පුවත්පත් නිවේදන සහ පුවත්පත් සාකච්ඡා තියන්න බෑ, මාධ්‍ය වැඩමුළු තියන්න බෑ කියලා. එ් අනුව අපි අභියෝග කරනවා එසේ ප්‍රකාශ කිරීම කිසිදු පදනමක් නැහැ කියලා. මේ රට තුල විකල්ප මතය කියන එක ඉවත් කලොත් එය ඒකාධිපති පාලනයක් වෙනවා. අද මේ ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ සියළු දේවල් අතට මිටි කර ගනිමින්, මේ රටේ මාධ්‍ය ආණ්ඩුව විසින් ඝෘජුව හෝ වක්‍රව පාලනය කරනවා. ඒ වගේම සියළුම බැංකු ආණ්ඩුව විසින් පාලනය කරනවා. ඇමති මණ්ඩලයටවත් මේ පිළිබද කතා කරන්න බැරිවෙලා තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන පමණයි රටේ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කතාකලේ ඒ මොකද රාජ්‍ය නොවන සංවිධාන ස්වාධීනව කටයුතු කරන නිසා. ඒ නිසා අපි ප්‍රකාශ කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අපි භුක්ති විදින්නේ ඒ අයිතිය පැහැරගැනීමට අපි ඉඩදෙන්නෙ නෑ. ඒ වෙනුවෙන් විපක්ෂය, වෘත්තීය සමිති සහ සියළුම සංවිධාන එකතු වෙලා මේ සටන ඉදිරියට ගෙනියනවා.

මෙම චක්‍රලේකය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරපු වෙලාවේදි අගමැතිවරයා කිවුවා එය උපදෙස් මාලාවක් පමණයි කියලා, ඒ වගේම එය බුද්ධි අංශ වාර්ථා පදනම් කරගනිමින් නිකුත් කලා කියලා කියනවා. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා බුද්ධි අංශවලට අයිතියක් නෑ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සොයා බැලීමට කියලා. රටේ ආරක්ෂාව වෙනුවෙන් යොදාගත යුතු බුද්ධි අංශයන් පුරවැසියාගේ සාමුහිකව සංවිධානය වෙන්න තියනෙ අයිතිය පාගන්න පාවිච්චි කිරීමට අපි විරුද්ධයි. ඒ වෙනුවෙන් අපි නීතිඥ සංගමය සමග එක්ව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා.
www.lankafocusnews.com/