සිසුන් ගොනාට ඇන්දු ශාන්ත හාමුදුරුවන්ගෙන් මීපුරට බලපෑම්

0
215

ශාන්ත හාමුදුරුවෝශාන්ත හාමුුදුරුවෝ නමින්  පසුගිය දිනක මීගමුවේත් වෙන්නප්පුවේත් පොස්ටරයක් අලවා තිබුණි.
ඉන් සිසුන් වෙත අගවා තිබුනේ සා/පෙ සිංහල ප්‍රශ්ණ පත්තරය දෙනව එන්න යනුවෙනි.
මේ සම්බන්ධයෙන් පසුගිය දිනක අප ඇමතු ශාන්ත හාමුදුරුවෝ  විසින් එම  පුවත ගලවා දමන ලෙස ඉල්ලා පසුගිය දිනක  අප වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසන ලදී.
අප ඔහු වෙත පෙරලා ප්‍රකාශ කළේ එම  පුවත සම්බන්ධව  ශාන්ත හාමුදුරුවන්ගේ පැහැදිලි කිරිමක් එවන්නේ නම් එය පළ කිරිමට අප කටයුතු කරන්නට සුදානම් බවය.එය පුවත් පත් කලාවේ මුලික සම්ප්‍රදාය යැයිද ශාන්ත හාමුදුරුවන් වෙත පැහැදිලි කරන ලදී.
මෙම පුවතට  අදාළ  මාතෘකාව පිළිඳව  කතාකිරීමට අකමැතිවූ ශාන්ත හාමුදුරුවෝ අප කියන දේ ගණන් නොගෙනම  ඒ පුවත ගලවා දමන ලෙස අපට ඔහුගේ භාෂාවෙන් බලපෑම් කරන ලදී.
අපට ශාන්ත හාමුදරුවන්ට කියන්නට ඇත්තේ එක දෙයකි.
මරණ තර්ජණ හමුවේත් ලියා ඇති ඇත්ත ගලවා දමන්නට කටයුතු නොකළ අපි ළමුන් ගොනාට අන්දා රු 200 ක් ගන්න බොරු කරන හාමුදුරු කෙනෙක්ට බයනැති බවය. අනිත් කාරණය නම් සමාජයට අයහපත් හා අවාදර්ශමත් ක්‍රියාවන් කරන පුද්ගලයන් කවුරු වුවත් තරාතිරමක් නොබලා හෙළිදරව් කිරීමට මාධ්‍යකට අයිතියක් ඇති බවද මෙහිලා සදහන් කළ යුතුව තිබේ..