සීදුව,කටාන සහ මීගමුව M.O.H කොට්ඨාස තුල කොරෝනා ආසාදිතයන් 32 ක් !

0
88

covid-19-2020.03.17කටුනායක අවට ප්‍රදේශ වන සීදුව,කටාන සහ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ 10/07 දින සවස 6.00 වනවිට කොරෝනා බවට තහවුරු වූ රෝගීන් 32 දෙනෙකු වාර්තා වන බව එම කොකොට්ඨාස භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

ඒ අනුව සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වන අතර , ඔවුන් අතරින් 07 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන ඉතිරි 13 දෙනා කාන්තාවන් වේ.

ඔවුන් සියලු දෙනා ජයවර්ධනපුර ,ආඩිඅම්බලම , කෝවින්න , වලව්වත්ත ආදී ප්‍රදේශ වල නේවාසිකව සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ සාමාජිකයන් වේ .

එසේම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා රෝගීන් 04 දෙනෙකු වාර්තා වන අතර ,ඔවුන් තලාදූව , මුන්නක්කරය ,පිටිපන සහ පල්ලන්සේන යන ප්‍රදේශ වල පදිංචි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කරන පිරිසකි .

එමෙන්ම කටාන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ ද කොරෝනා ආසාදිත රෝගීන් 08 දෙනෙකු වාර්තා වන අතර , ඔවුන් ආඩිඅම්බලම , බටහිර කටාන ,වැරැල්ල වත්ත , කිඹුලපිටිය ආදී ප්‍රදේශ වල නේවාසිකව සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයින් වේ .

මෙසේ කොරෝනා ආසාදිතයින් වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත යොමු කර ඇති අතර , ඔවුන්ගේ ආශ්‍රිතයන් නීරෝධායන කටයුතු සදහා නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ .
මේ අතර අද සවස සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සීදුව පොලිස් බලප්‍රදේශය තුල පොලිස් ඇඳිරි නීතිය පණවනු ලැබිය
මුලාශ්‍රය-ada.lk