සීදුවෙන් අදත් කොරෝනා රෝගින් 19 ක් !රාත්‍රි සමාජ ශාලාවක 8 දෙනෙකුත් ඒ අතර…

0
76


සීදූව පොලීසියේ නිලධාරීන්ගෙන් තෝරාගත් විසිදෙනෙක් අතර සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් පසුව නිලධාරීන් හතරදෙනෙක් 19 වනදා පොසිටිව් වී ඇති අතර 20 වනදා ඉතිරි සියලූ දෙනාවම පී.සී.ආර්. පරීක්ෂණ හෝ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කරණ බවත් මේ වන විට තෙදිනක් පුරාවට සීදූව පොලීසියෙන් කෝවීඩ් ආසාදිතයින් හයදෙනෙක් හමුවී ඇතිබව අනාවරනයවේ.

සීදූව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සයුරු පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යුත් සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන පරිපාළන මහජන සෞඛ්‍ය නිලධාරි සුරේෂ් කුමාර මහතා ඇතුලූ ප්‍රභාශ්වර, අබේසිංහ, සුනෙත් රණවීර, උදයන්ග, යන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් පිරස විසින් මෙලෙස සීදූව ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයන් ගෙන් 19 වන දින පමණක් කෝවීඩ් ආසාදිතයින් දහනමයක් හමුවූ බවද ප්‍රධාන පරිපාළන සීදූව මහජන සෞඛ්‍ය නිලධාරි සුරේෂ් කුමාර මහතා කීය.
මෙම ආසාදිතයින් අතර සීදූව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජශාලාවක සේවකයින් අටදෙනෙක්ද සිටන බව අනාවරණයවේ.

( සීදූව – නිශ්ශංක)