සීදූවේ අරුම පුදුම day care Center එක ???

0
165

සීදුව නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන අරුම පුදුම ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිළිබද තොරතුරක් සිදුවේ ඩෙංගු තත්වයන් පිළිබදව පරික්ෂණය කිරිම සදහා නිවෙස් බැහැ දැකිමට ගිය නිළධාරින් පිරිසක් වෙත අනාවරණය වි ඇත.
මෙහි වු දරුවන් මෙන්ම ඒ අයව බලාගන්නා කාත්තාවක් සහ තවත් තරමක වැඩිමහල් දරුවෙකුද නිරික්ෂණය කිරිමෙන් පසු මේ ස්ථානය පිළිබදව වැඩිපුර විපරමක් කිරිමට මේ නිළධාරින් පෙළඹි ඇත.
එහිදි  ඔවුන්ගේ නිරික්ෂණයට ලක්වුයේ අවුරුදු දෙකේ තුනේ දරුවන් කිසිදු දැගලිමකින් තොරව තැන් තැන්වල වැටි ඔහේ නිදාෙගන සිටිනු මේ අයගේ නිරික්ෂණයට ලක්විය.
මේ දරුවන් මෙන්ම ඔවුන් බලාගන්නා අයද කිසිදු පිරිසිදු කමක් නොදුටු නිසා තවත් විමසිම් කිරිමේදි ඔවුන් සැක සිතුනේ මේ දරුවන්ට පිරිටන් වැනි යමක් බොන්නට දි මෙසේ දගනොකර තබාගැනිමට පිරිවර ගෙන තිබුනේද යන සැකය මතුව තිබුණි.
මේ ගැන එහි සිටි වැඩිමහල් දරුවෙක්ගෙන් විමසා සිටි අවස්ථාවේ දි දැනගන්නට ලැබුනේ නංගිලා මල්ලිලාට කැස්සට බේත් දි ඇති බවය.
මේම ස්ථානයේ දරුවන් 12 දෙනෙකු පමණ සිටි අතර ඔවුන් සියළු දෙනාම නිදහස් වෙළද කලාපයේ සේවිකාවන්ගේ දරුවන් විමද විශේෂත්වයකි.
රැකියාවට යාම සදහා වැඩි වියදමක් නොගවො මේවැනි ස්ථානයක තබායනවා ඇතැයි එහි ගිය පිරිස අනුමාන කරයි.
මෙහිදි මතුව එන බරපතල ප්‍රශ්ණය වන්නේ දරුවන් වඩාත් අාරක්ෂාකාරි ලෙසින් රැකබලාගැනිම සදහා මේ කලාපයේ විධිමත් වැඩපිළිවෙලක් අවැසිව ඇති බවය.