සීදුවේ සමාජ ශාලා වසංගතය දැන් මාරාන්තිකයි.පොලිසිය නිහඩයි ?

0
166
අන්තර් ජාලයෙන් උපුටා ගැණුනි.
අන්තර් ජාලයෙන් උපුටා ගැණුනි.
අන්තර් ජාලයෙන් උපුටා ගැණුනි.

රාත්‍රි සමාජශාලාවක්‌ තුළදී ප්‍රදේශයේ තරුණයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබදව සවිස්තරාත්මක ලිපියක සමන් ගමගේ යන ලේඛකයා විසින් දිවයින පුවත් පතේ පළ කර තිබුණි.
එහි ඔහු අවධාරණය කර තිබුනේ

..සීදූව යනු සංචාරක පුරයක්‌ නොවන්නකි. එහෙත් අද සීදූව මන්සන්ධියේ සිට මීගමුව දෙසට ගමන් කරද්දී කාමයෙන් රත්වූ මෝල්කාරයන්ට අමාරුව ඇරගන්නට ඕනෑ තරම් පොට්‌ සීදූව පොලිස්‌ බල ප්‍රදේශය පුරා ඇත. සල්ලාල යහනක සැතපී මේ අමන මඩු තුළ බොහෝ විට තුට්‌ටු දෙකකට මස්‌ වෙන්නේ නැති බැරිකමට ඈත දුර ගමක සිට කටුනායක වෙළඳ කලාපයේ රැකියාවකට පැමිණි කෙල්ලෝ වන්නාහ. යනුවෙනි

සංචාරක පුරයක් නොවුන සීදුව දැන් සමාජ ශාලා පුරයක් බවට පත්ව තිබිමත් ඒවා බහුතරයක් චණ්ඩින් විසින් පාලනය කිරිමත් යන කරුණු සලකා බලන විට මේ ප්‍රදේශයේ නීතිය හා සාමය රැකිමට සිටින පොලිසිය වෙතට චෝදනා එල්ලව තිබිම කිසි සෙත් බැහැර කළ නොහැක්කේය.
ඒ මේ සමාජශාලවල හිමිකරුවන් කුලි මැරයන් නඩත්තු කරමින් ගෙන යන පතාල පාලනයකට සීදුව පොලිසිය විසින් සමාජ ලයිසමක් දි ඇති බැවිනි.
මේ තත්වය ගැන මේ කලාපය භාර පොලිසියේ ඉහල බළධාරින් වහා පියවර ගත යුතුව තිබේ.