සීදුව රෝහල ලග SPA එකට අනුමැතිය දුන් ගම්පහ සෞඛ්‍ය ලොක්කා කව්ද ?

0
429

FB_IMG_1565799165373FB_IMG_1565772342795

කටුනායක සීදුව නගර සභාව අද ඒ බලප්‍රදේශයේ පවත්වාගෙන ගිය සියළු SPA ආයතනයන් පුවරු ගලවා දමා තහනම් කිරිමට පියවර ගෙන තිබුණි.
මේ අතර සීදුව රෝහල අසල පිහිටා ඇති SPA ආයතනයක හිමිකරුවෙකු නාගරික මන්ත්‍රීවරුන් හට බාධා පමුණුවමින් කියා තිබුනේ තමන්ට මේ ස්ථානය පවත්වාගෙන යාමට ගම්පහ සෞඛ්‍ය ප්‍රධානියෙකු අවසරයක් ලබා දි ඇති බවය.
ඔහුට අයත් අදාල ආයතනයේ පුවරුවේ ඇත්තේ සැලුන් එකක් සහ SPA එකක් එහි ක්‍රියාත්මක බවය.
මසාජ් ආයතනයක් ක්‍රියාත්මක වන්නේ නම් එයට විශේෂ වු ක්‍රියාපටිපාටියක් ඇති අතර ආයුර්වේද වෛද්‍යවරයෙකුද සිටිය යුත්තේය.
එසේ නොවන පසුබිමකදි මෙයට අවසර දි ඇති ගම්පහ සෞඛ්‍ය ලොක්කා කව්දැයි වහා සොයා බැලිය යුතුව තිබේ.