සීදුව හා මීගමුව අතර ද්විත්ව දුම්රිය මාර්ගයේ වැඩ ඇරඹේ !

0
126

tmp_29127-received_1281406755278576-2094689309සීදුව සහ මීගමුව අතර ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා හිඟව පැවැති රේල්පීලි මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බැවින් සීදුව හා කටුනායක අතර කොටසෙහි දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් කඩිනමින් නිම කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කරමින් සිටී.
මේ අනුව සීදූව අංගනයේ රේල්පීලි පෑස්සුම් ඒකකයක් ස්ථාපනය කිරීමට නියමිත අතර, එමගින් පාස්සනු ලබන නව රේල් පීලි පැනල් නව දුම්රිය මාර්ගය සඳහා යෙදීමට නියමිතය.
මැයි මස අගදී දුම්රිය මාර්ගය කටුනායක දක්වා දින නියම කර ඇති අතර, එය සාමාන්‍ය මගී දුම්රියන් සඳහා විවෘත වන දිනය මේ දක්වා තීරණය කොට නොමැත.
මේ අතර සීදූව කටුනායක අතර ද්විත්ව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙනා ලියනගේමුල්ල නව දුම්රිය වේදිකාව සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු හා මැනුම් කටයුතු මේ දිනවල කටාන ප්‍රාදේශීය ලේකම්තුමිය, එහි කාර්ය මණ්ඩලය, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙ විවිධ අංශවල සහභාගීත්වයෙන් නිම වෙමින් පවතියි. මෙම ව්‍යාපෘතිය යටතේ ලියනගේමුල්ල, කටුනාටක ආයෝජන ප්‍රවර්ධන කලාපයීය නැවතුම්පල (කටුනායක දකුණ) සහ කටුනායක යන ස්ථාන සඳහා නව මඟී වේදිකාවන්ද, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයීය නැවතුම්පල, කටුනායක යන දුම්රිය ස්ථාන සඳහා නව මඟී ගුවන් පාලම්ද ඉදිකිරීමට නියමිතය..
මෙයට අමතරව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයීය නැවතුම්පල , කටුනායක දකුණ ලෙස දුම්රිය ස්ථානයක් ලෙසින් උසස් කිරීමටත්, කුරන දුම්රිය ස්ථානය නැවත උප දුම්රිය ස්ථානයක් බවට පත් කිරීම සඳහාද සාකච්ඡා කෙරෙමින් පවතී.