(12.05pm) (වීඩියෝ)
මීගමුව – සිරිවර්ධන ප්රදේසේ සිදුවූ ළමා අපචාරයක් මුල්කරගනිමින් අද උදෑසන එම ගම්මානයේ කාන්තාවන් විසින් උද්ඝෝෂණයක නිරත විය. මෙම උද්ඝෝෂණය මීගමුව අධිකරණය ඉදිරිපිටදී පැවැත්වුණ අතර විශාල කාන්තාවන් පිරිසක් විරෝධතාවයට සහභාගී වූහ. විරෝධතාවයේ යෙදුණු කාන්තාවන් ඉල්ලා සිටියේ මෙම අපචාරයට සම්බන්ධ වූ ඩික්සන් නමැත්තාට ඇප ලබා නොදෙන ලෙසයි. පෙබරවාරි 01 වනදා සිරිවර්ධන පෙදෙසේ දී සිදුවූ මෙම අපරාධයට ගොදුරු වූයේ වයස අවුරුදු 06ක දැරියකි. ඇයගේ පියාගේ මිතුරෙකු වන ඩික්සන් (සීනි පුතා) නමැත්තා දැරිවියගේ පියා සමග එක්වී මත්පැන් පානය කර ඇති අතර පසුව මෙම දැරිවිය ව ඔහුගේ නිවසට කැදවාගෙන ගොස් ලිංගික බලහත්කාරකම් සිදුකර ඇත. මෙම අපරාධකාරුවා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.