රාජපක්ෂ පාලනය විසින් මාධ්‍යවේදි සුගිර්තරාජන් ඝාතනය කොට අදට වසර 14 කි.
එමෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට අදට වසර 10 කි.
පසුගිය රාජපක්ෂ පාලනය සමය තුල ජිවිත අහිමිකරනු ලැබු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණන 44 කි.ඉන් 41 දෙනෙකුම දමිල ජාතියෝ වෙති.
මේ අය වෙනුවෙන් යුක්තිය ඉටුකර දිමට යහපාලන රජයට පවා නොහැකි විය.
සුගිර්තරාජන් මාධ්‍යවේදියාගේ 14 වන සමරමඩකලපුව නගර මධ්‍යයේ ජනවාරි 25 වෙන්දා සිදු කිරිමට නියමිත අතර ප්‍රගීත් සමරා අද කොළඹදි සමරුවක් පැවැත්වේ.
”Trinco 5” නමින් ලොව පුරා ප්‍රසිද්ධයට පත්වු ත්‍රිමලයේ සිසුන් 5 දෙනෙකු රාජපක්ෂ පාලන සමයේදි ඝාතනය කර තිබුනේ 2006 වසරේ ජනවාරි 02 වනදාය.
රාජපක්ෂ රෙජිමය මෙන්ම දකුණේ මාධ්‍ය බහුතරයක් මේ මරණ ගැන කියා සිටියේ මේ සිසුන් මිය ගොස් තිබුනේ හමුදාවට අටවන්නට ගෙනා බෝම්බයක් පුපුරා යාමෙන් බවය.
එහෙත් රාජපක්ෂ රෙජිමයෙත් ඔවුන් කටහඩ සැපයු අතිබහුතරයක් දකුණේ මාධ්‍යකරුවන්ද අභියෝගයකට ලක්කරමින් නැගි සිටි එක් විරෝධාර නිර්භිත මාධ්‍යවේදියෙකු විය.
ඔහු නමින් සුබ්‍රමනියම් සුගිර්තරාජන්ය.
එවකට ඔහු සේවය කරමින් තිබුනේ සුඩරෝලි පුවත්පතේය.
මිය ගිය සිසුන්ගේ සිරුරු වල වු වෙඩි උණ්ඩ පහරවල් නිර්භවය ඡයාරූපයට නැගු ඔහු සිය මාධ්‍ය මෙහෙවර හරහා ඔප්පු කර සිටියේ මෙම සිසුන් 5 දෙනා ලගසිට වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
පශ්චාත් මරණ පරික්ෂණවලදිද හෙලිව තිබුණ මේ සාක්ෂිවලට ජිවය දි තිබුනේ සුගීර්තරාජන්ගේ කැමරා කාචය තුලිනි.
මෙම සිදුවිම නිසා රාජපක්ෂ කුලිහමුදාවන් ඔහු පසුපස ලුහුබැද 2006 ජනවාරි 24 වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එවකට 35 වැනි පසුවු ඔහු දෙදරු පියෙකු විය.
වයස අවුරුදු 17 සහ 16 පුතෙකු සහ දුවක සමගින් සුගීර්තරාජන්ගේ බිරිද දැනට දිවි ගෙවන්නේ සුගිර්තරාජන්ගේ මව සමගින් කල්මුනේ නගරයේය.
ඝාතනය පිළිබදව පොලිස් පරික්ෂණ නැවති ඇත.
ඝාතකයන් නිදැල්ලේය.
සුගිර්තරාජන් නම් වු නිර්භිත ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ 14 වන ඝාතන සමරුව 2020 ජනවාරි 24 වනදාට යෙදි ඇත.ඒ දිනය සමරමින් සුගිර්තරාජන් ඇතුළු ඝානයට ලක්වු සියලු මාධ්‍යවේදින් සමරමින් 2020 ජනවාරි මස 25 වෙනිදා මඩකලපුවේදි මේ සැමරුම පැවැත්වෙනු ඇත.
නැගෙනහිර මාධ්‍යවේදින් එකමුතුව විසින් මෙය සංවිධානය කරනු ඇත.
මේ අතර ප්රගිත් සමරා ඔහු වෙනුවෙන් යුක්තිය ඉල්ලා දියත් කළ අරගලයට ද ඒ හා සමානව දස වසරක් සපිරෙන අද දිනයේ හරිත් සහ සංජය එක්නැලිගොඩ විසින් පවත්වන චිත්‍ර ප්‍රදර්ශනයක් හා මතක ආවර්ජනය බොරුල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රෙය්දී පැවැත්වේ.