
වෙරළ ඛාදනය හේතුවෙන් තමන්ට හිමිව තිබුන නිවසයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද ඉල්ලිමකට අනුව පැවැති අවදානම් තත්වය හමුවේ ඉවත්වු සුජිත්ට ඉන් පසුව ගැටළු ගණනාවකට මුහුණ දිමට සිදුව තිබුණි.
වසරකට ආසන්න කාලයක් ඔහු අටවාගෙන සිටි පැල්පත කඩාදමන්නට උසාවි නියෝග ගෙන තිබුනේද මිගමුව දුවේ ධිවරය සමිතියකිනි.
ඒ නඩුව ගොනුකර තිබුනේ වෙරළ සංරක්ෂනය විසිනි.
ඒ අනුව ජනවාරි මස 21 වෙනිදා සුජිත් පැල්පත කඩාදැමිමට පිස්කල් නිලධාරින් පැමිණ සිටියදි ඒ පැල්පත වියරුවෙන් මෙන් කඩාදමා තිබුනේ සුජිත්ට එරෙහිව පැමිණිලි කර තිබුණ ධිවර සමිතියේ මිල්ටන් නැමැත්තා විසිනි.

පසුව සුජිත් යළිත් කුඩාරමක් තාවකාලික අටවාගෙන තිබුනේ දේශපාලන අධිකාරියේ ඇතැමුන් සහ ප්‍රාදේශිය ලේකම්තුමියද සුජිත්ට ඉඩමක් ලබාදෙනවා යැයි කියා තිබුන පසුබිමකය
තරුණ දියණියන් දෙදෙනෙකු ද සමගින් සුජිත්ට දරුවන් හතර දෙනෙකි.
මේ දිනවල පවතින කාෂ්ටක අව්ව හමුවේ මහත් අපහසුවකින් සුජිත්ලාට මේ කුඩාරමේ ඉන්නට සිදුව ඇත්තේ එය තනා ඇත්තේ ඉටිකොළවලින් බැවිනි.
තතු මෙසේව තිබියදි අද( 27) රාත්‍රි 9 ට පමණ හදිස්සියෙන් මෙන් සුජිත්ලාගේ කුඩාරමට දුන්ගාල්පිටිය පොලිසියෙන් පැමිණ තිබේ.
පැමිණි නිලධාරියා සුජිත්ට කියා තිබුනේ කටඋත්තරයක් ලබාගැනිම සදහා දැන්ම දුන්ගාල්පිටිය පොලිසියට පැමිණෙන ලෙසය.
තරුණ දියණියන්ද සිය පවුලද කුඩාරමේ තනිවම දමා දුන්ගාල්පිටිය පොලිසියට ඒ මහ යාම අපහසු බව පොලිසියට කියා තිබුණද පැමිණි නිළධාරියා කියා තිබුනේ අද රෑම පැමිණෙන ලෙසය.
මේ තත්වය හමුවේ අසරණ වු සුජිත් පසුව තමන්ගේ ගැටළුව ගැන සොයා බැලිමට පැමිණි ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරියෙකු හට තමන් පත්ව ඇති අසරණකම ගැන දැනුම්වත් කර තිබුණි.
ඒ නිළධාරියා පවා කියා තිබුනේ මේ රැ පොලිසිය නොයා හෙට දිනයේ එහි යන ලෙසය.
තවදුරටත් ඔහු පවසා තිබුනේ පොලිසියේ ඉහල නිළධාරියෙකුට ඔහු මේ තත්වය දැනුම් දෙන බවය.
මානව හිමිකම් නිලධාරියා පොලිසියට කථා කළ පසු දැනගන්නට ලැබි ඇත්තේ සුජිත්ට එරෙහිව වරෙන්තුවක් ඇති බවකි.
සුජිත් මේ ගැන කිසිවක් නොදනි.
එසේ වරෙන්තුවක් ඇතිනම් ඒ ගැන පොලිසිය කල්ඇතිව සුජිත්ට දැනුම් දි තිබුනේද?
එසේ නම් මේ මහරැ සුජිත් සොයා පැමිණියේ ඇයි ?
හෙට ඉරිදා දිනයකි .
යළි උසාවි පැවැත්වෙන්නේ සදුදාය.
මිනිසුන්ගේ දුක නොදන්නා රාජ්‍ය නිළධාරින් සහ උපයෝගිතාවාදි දේශපාලකයන් නිසා අන්ත අසරණ තත්වයකට පත්ව ඇති සුජිත් ලා වැන්නන්ට පොලිසිය පවා මෙසේ හිරහැර කරන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?