සුජිව සහ අජිත්ගේ දේශපාලන ඉරණම රනිල් අතේ ?

0
110
කැබිනට් නොවන අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ මහතාගේ සහ අජිත් පී. පෙරේරා මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.එජාප විනය කමිටුවේ මෙම තීරණය පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති අතර ඒ පිළිබඳව නැවත සලකා බලා අවසන් තීරණය ගැනෙනු ඇති බවයි වාර්තා වන්නේ.

image f61a55281b

පක්ෂයේ විනය කඩකිරීම සහ නායකත්වය අපහාසාත්මක ලෙස විවේචනය  කිරීම සම්බන්ධයෙන් විනය කමිටුව වෙත නිදහසට කරුණු දක්වන ලෙස අජිත් පී.ට සහ සුජීව සේනසිංහට එජාප මහලේකම්වරයා විසින් අගෝස්තු  27 වනදා දැනුම් දී තිබුණු අතර විනය පරීක්ෂණය දෙවතාවක්ම මඟහැර සිටි ඔවුන් පසුගිය 09 වනදා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.

එම ලිපි ද කරුණු දැක්වීම් ලෙස නොව විනය කමිටුව අභියෝගයට ලක්කිරීම් ආකාරයෙන් සකස් වී තිබුණු බැවින් අවසානයේ එම කමිටුව ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීන්දු කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මුලාශ්‍රය – ලංකානිව්ස්වෙබ්



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here