සුදර්ශණිගේ මුලිකත්වයෙන් වෛද්‍ය උපදෙස් මත තීන්දු ගන්න –

0
67

කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා දැනට ලෝකයේ පිළිගත් සාර්ථකම ක්‍රමය වන එන්නත්කරණය ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රමවත්ව සිදු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය දිනමිණට ඊයේ (16) පවසා තිබුණි

මේ වන විට කොරෝනා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් පිටත සිටින පුද්ගලයන්ගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් මේ හේතුවෙන් මහජනතාවගේ ජීවිත දිනෙන් දින මරණාසන්න වන බවත් ඇය එහිදි පවසා තිබේ

සෞඛ්‍ය අංශයේ අත්දැකීම් බහුල ඊට සම්බන්ධ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැනි අයට ප්‍රධානත්වය දී වෛද්‍ය උපදෙස් මත පමණක් තින්දු තීරණ ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව ද පැවැසුවාය.
මුලාශ්‍රය – දිණමිණ