සුදර්ශණිටත් කඩොලාන මතක් වෙයි?

0
74

FB_IMG_1582812944959FB_IMG_1582812933284FB_IMG_1582812913949මේ දිනවල දේශපාලකයන් පුදුම ප්‍රගතිශිලින් බවට පත්ව තිබේ. වෙන කිසිදාක සිදුනොවු අයුරින් ඔවුන් දැවැන්ත ප්‍රගතිශිලින් බවට පත්ව තිබේ.දිනපතා වසර ගණනාවක් තිස්සේ සිදුව තිබුන විනාශයන් ගැන මික් කියාගන්න බැරිවු මේ දේශපාලකයන් දැන් දිනපතා සිය ප්‍රගතිශිලි කථාවලින් නොනැවති අදාල ප්‍රශ්ණ ඇති තැන් නිරික්ෂණයටද යති.
පාර්ලිමේන්තු මන්ත්‍රිණි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පසුගියදා කඩොලාන විනාශයන් නැරඹිමට කලපු සාවාරියක් ගොස් තිබුණ අයුරු ඇගේ මුහුණු පොතට එක් කර තිබුණි.
අරුමය වන්නේ මිට පෙර කිසි දිනක ඇය මේ ගැන දක්වා තිබුන උනන්දුව ගැන කිසිවක් ගැන අප අසා නොතිබිමය.
මිගමුව කඩොලාන පරිසරයෙන් අක්කර 8 ක් කපා විනාශ කොට ඒවා ගිණිතබද්දි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරියාගේ ආදරණිය ස්වාමිපුරුෂයා වු ජේයරාජ ප්‍රනාන්පුල්ලේ මේ කඩොලාන විනාශයට එරෙහිව හඩ නැගු මිපුර සහ එවැනි කණ්ඩායම් වෙත ප්‍රසිද්ධ රැස්විමකදි දැඩි විවේචනයක් සිදුකළ අයුරු අපට අද වගේ මතකය.
එවන් පවුල් පසුබිමකින් එන සුදර්ශණිට හදිස්සියේ කඩොලාන මතක් විම ගැන අපට සැබැවින්ම ඇත්තේ අරුමයකි.ඇය සැබැවින්ම කඩොලාන රැකගැනිමට අවංකව කටයුතු කිරිමට සුදානම් නම් ඇය පළමුව කළ යුත්තේ අක්කර 8 ක් කඩොලාන කපා විනාශ කළ නිමල් ලංසා වැනි අයෙකුට කිසිදු මනාපයක් කටාන ආසනය තුල නොදිය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමය.
අප බලාසිටින්නේ කඩොලාන විනාශ කළ අය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරියගේ වේදිකාවක සිටින විට ඇය ඔහුටත් මනාපයක් දෙන්නට යැයි ලැජ්ජා නැතිව කියයිදෝයි කියාය.අප කැමරා මානගෙන සිටින්නේ ඒ සොදුරු මොහොත රුගත කරගැනිමටය.