සුදර්ශණි ඇමතිතුමියනි , එන්නත ගහන එක විධිමත් කරන්න .

0
88

එන්නතකරණය ගැන ජනතාවට ඉතා පහසුවෙන් නිවරදි තොරතුරු ලබාදිමට පැහැදිලි හැකියාවන් රැසක් තිබියදි ඒවා යොදාගනිමින් ජනතාව දැනුවත් නොකිරිම නිසා මතුව ඇත්තේ අපරාධයකි.

අද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය තුල එන්නත ලබාදිමට නියමිතය.
ඒ අවට ග්‍රාම සේවා වසම් වලට පමණක් බව කියැවේ .ලබාදිමට නියමිත එන්නත් ප්‍රමාණය 600 ක.
එහෙත් අද උදෑසන 7.30 පමණ වන විටත් පෝලිම් ගැසි සිටින ප්‍රමාණය 500 කට ආසන්නය. ඇතමුන් අලුයම 5 හේ 6 සිට පැමිණ සිටි.

ඒ අතර අද එන්නත ලබාදිමට සැලසුම් කර ඇති ග්‍රාමසේවා වසම් වලට අයත් නැති පිරිස්ද සිටිති. ඇතමුන් කණුවන ජාඇල සිට පැමිණ තිබුණි.
එබැවින් මේ ආකාරයෙන් ජනතාව රස්සියාදු කරනවා වෙනුවෙට ඒ අයට නිවරදිම තොරුතුරු ලබාදෙන්නේ නම් එය ජනතාවට පමණක් නොව සිමිත ගණනක් සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටද සහනයකි.අවැසිව ඇත්තේ ඒ වෙනුවෙන් පැහැදිලි ක්‍රමවේදයක් සකස් කිරිම පමණි.සැබැවින්ම මේ අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියළු අවදානම් මැද සිදුකරනු ලබන සේවය අති මහත්ය. ඒ අයට හැකි සියලු සහයන් ලබාදිමටත් ඒ කටයුතු හැමවිටම පහසු කිරිමටත් අදාල බලධාරින් කටයුතු කළ යුතුව තිබේ.

කොරෝනා ඇමැතිවරියගේ මන්ත්‍රි කොට්ටාශය අයත්වන්නේ සීදුවට විමද තවත් විශේෂත්වයකි.දැනටමත් කැබිනට් මණ්ඩලය තුල කිසියම් වෘත්තියභාවකින් කටයුතු කරමින් සිටින ඇමතිවරියක් ලෙස ඇය ප්‍රබල වගකිම් මේ එන්නත්කරණ වැඩසහන් විධිමත් කිරිම අරභයා පැවරි තිබේ.

ඒ සදහා තවත් කොයිතරම් මිනිස් පැය ගණනක් මේ පවතින අවධානම මැද කාදැමිය යුතුව ඇතිද ???