සුදර්ශණි, මිගමුවේ එන්නත්කරණය ලංසා පවුලේ බූදලයක්ද ?

0
103

පවතින දැවැන්ත වසංගත අර්බුදය හමුවේ එන්නත්කරණය යනු එයට මුහුණ දිම සදහා ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යාපෘතියකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ වන විට ලංකාවට මේ වෙනුවෙන් ආධාර දිම ආරම්භ කර තිබේ.
තතු මෙසේව තිබියදි රට පුරා වාර්තා වෙමින් ඇත්තේ මේ එන්තත් කරණය එහෙම පිටින්ම පොහොට්ටු දේශපාලකයන්ගේ මාධ්‍ය සංදර්ශණ සහිත දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
මිගමුව මෙයට ඇති කදිම නිදසුනයි.

මිගමුවේදි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැත්ත පළාතක නැත. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා පැත්ත පළාතක නැත. ඔහු ක්‍රියාත්මක වන්නේ මිගමුව නගරාධිපති දායන් ලංසාගේ එජන්තයෙකු මිස රාජ්‍ය නිළධාරියෙකු ලෙසින් නොවන බව මේ වන විට චෝදනා කරමින් සිටින්නේ විපක්ෂයේම නාගරික මන්ත්‍රිවරුන් විසිනි.

මේ අතර නගරාධිපති දයාන් ලංසාට හිතවත් ඇතැම් එජාප මන්ත්‍රිවරුන් පවා මේ වන විට එන්නත්කරණය ප්‍රාදේශිය වශයෙන් සිය දේශපාලන ව්‍යාපෘතියක් බවට එය පත්කරගැනිමට කටයුතු කරමින් සිටින ආකාරයද දැන් වාර්තා වන්නට පටන් ගෙනය.
පෙරියමුල්ල මිට හොදම උදාහරණයකි. හෙට (18) දිනයේ පෙරියමුල්ලේ දේවස්ථානයේදි එන්නත ලබාදෙන බවට දයාන් ලංසාට හිතවත් එජාප මන්ත්‍රිවරයෙකු තමන්ගේ නමද සම්බන්ධකරගනිමින් ප්‍රචාරක වැඩක නිරතව ඇතැයිද සැලය.


එමෙන්ම අවදානම් සහිත වැඩවල නිරත ඉදිරිපෙළ මිගමුවේ සේවකයන්ට ප්‍රමුඛතාවය දිමට ගෙන ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව අයතා ලෙසින් දේශපාලන හිතවතුන්ට සහ දේශපාලකයන්ගේ පවුල්වල අයට ලබාදි ඇතැයිද චෝදනාවක් පවති.
මේ අනුව ඉතා පැහැදිලිව පෙනි යන්නේ වසංගතයක් පාලනය කිරිමට ඇති එන්නතිකින් පවා බාල අන්දමට දේශපාලනය කරන පොහොට්ටු නායකයන් පිරිසක් මිගමුවේ සිටින බවය