සුදර්ශණීට අභියෝගයක් ? තෝප්පුව ඇල ගොඩකළේ කව්ද ?

0
67

7sm13asmකටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල බලප්‍රදේශයන් දෙකටම අයත් තෝප්පුව ඇල නීතිවිරෝධි ලෙසින් ගොඩකර තනා ඇති රැනෝවේල් හෝටලයේ විවෘත කිරිමේ උත්සවයට ප්‍රධාන අරාධිතයෙක් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද එදා සහභාගිව සිටියේය.
මහදවල් කිසිදු හිරිකිතයකින් තොරව සිදුකර ඇති මේ රාජ්‍ය දේපල කොල්ලය ගැන මෛත්‍රි පාලනයට වගකියමින් සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරිය කටයුතු කරන අයුරු අප පසුගිය කාලය තුල බලා සිටියෙමු.
2011 වසරේ ඔක්තෝබර් 11 වනදා මේ සිතියම් ගත ඇල වසා දමා ඒ ඉඩමද අල්ලාගෙන රැනොවේල් හෝටලය ඉදිකිරිමට එහි හිමිකරුවන් එදා කටයුතු කර තිබුණ අතර අද එහි හිමිකරු වන රවි නැමැත්තා හිටපු ඇමති ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ ඉතාම සමිප හිතවතෙකි.
මේ දැවැන්ත රාජ්‍ය දේපල කොල්ලය පිටුපස හිටපු ඇමති සරත් ගුණරත්නගේ කොච්චිකඩේ ප්‍රධාන නියෝජිතයා වන බන්දුල නාඔටුන්නද වෙයි.
එපමණක් නොව එවකට නගරාධිපති වු ඇන්ටනි ජයවිර පමණක් නොව හිටපු ඇමති සරත් ගුණරත්නටද මින් ගැලවිමක් නැත.
නිමල් ලංසා එවකට පළාත් සභාවේ ඇමතිවරයෙකි.
පසුගිය කාලය පුරාවටම මහින්ද රාජපක්ෂ සිය සියළු දේශපාලන රැස්විම් පවත්වන්නට යෙදුනේ මේ හෝටලයේ වන අතර එහි බරපැන යහපාලන ඇමතිවරයෙකු විසින් ගෙවා තිබුණ බවද වාර්ථා වේ.
මේ දැවැන්ත රාජ්‍ය දේපල කොල්ලය ගැන යහපාලන ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණියට තවදුරටත් නිහඩව සිටිය නොහැකි යැයි අප තරයේ විශ්වාස කරන්නෙමු.

 

 

Comments