සුදර්ශනිව කැපුවේ බැසිල්ගේ ඉල්ලිමටද .?

0
84
sudarshaniඅද(10) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනාගේ ලැයිස්තුවෙන් පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 1 80 000 කට වඩා මනාප ලබාගත් එකම කාන්තාව වන දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිඳ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියව අවසාන මොහොතේ කපා දමා ඇත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම් මත බව ආන්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන බවට ජනාධිපතිවරයා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට පොරොන්දු වී තිබුණ ද අවසාන මොහොතේ එම තීරණය වෙනස් කරවා ගැනීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සමත් වී ඇත. බැසිල් අමාත්‍යවරයාගේ සැලසුම වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා අංශය තම බිරිඳ වන නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මියට පවරා දීමයි. ඇයට අභියෝගයක් විය හැකි සෑම කාන්තා චරිතයක්ම බැසිල් අමාත්‍යවරයා කපා දමමින් සිටී. නමුත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අඟවමින් සිටින්නේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කපා දැමුවේ බස්නාහිර පළාත්සභා අමාත්‍ය නිමල් ලාන්සාගේ ඉල්ලීම මත බවයි. ඒ බව අඟවමින් නිමල් ලාන්සා ලවා ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු කුජීත වැඩ කරවා ගැනීම බැසිල්ගේ අරමුණයි. සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග ඇති ජනාධිපතිවරයාගේ වෛරය මෙම ක්‍රියාව තුලින් නැවත වතාවක් ඉස්මතු වී ඇති බව ශ්‍රීලනිප ජේෂ්ඨ අමාත්‍යවරුන්ගේ අදහසයි. දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා යනු මහින්ද රාජපක්ෂ මහතා නිති විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අවධියේ සිටි මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් තැනැත්තිය හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බෝගොල්ලාගම මහත්මියයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසුවද දීප්ති බෝගොල්ලාගම මහත්මිය ජනාධිපතිවරයා ඇමතුවේ ‘මහින්ද’ කියාය. එහි ප්‍රතිඵලය වූයේ රෝහිත බෝගොල්ලාගම මහතාට යන එන මං නැති වීමයි. දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ද දේශපාලනික වශයෙන් අනම්‍ය චරිතයකි. ඔහු ජනාධිපතිවරයාව ඇසුරු කලේ ‘ඩොන්ට් කෙයාර්’ න්‍යායෙනි.ඔහු ජනාධිපති ඇමතුවේ ‘මචං’ කියාය. ඔහුගේ එම වචනය ජනාධිපතිවරයාට කෙසේවත් දිරවා ගත නොහැකි විය. ඔහු හා ජනාධිපතිවරයා අතර පළවෙනි ගැටුම ඇති වූයේ 2005 වසරේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට රෑ පැවති සාකච්ඡාවේදීය. ජෙයරාජ් කෙලින්ම මුදල් ඇමතිකම ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා රැස්වීමෙන් නැගිට ගොස් ලලිත්, ඩලස් හා පී.බී ට කතාකොට කීවේ ‘ඒක ඌට දීල කොහොමද? මට ඒක ඕනි. ඌට වෙන ඕන දෙයක් ඉල්ලන්න කියන්න. ‘ කියාය. අවසානයේ මහාමාර්ග ඇමතිකම ලබා ගැනීමට ජෙයරාජ් එකඟ විය. ජෙයරාජ්ට මහාමාර්ග ඇමතිකම ලබා දුන්න ද ලේකම් වශයෙන් අමරසේකරව දමා ගනිමින් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහාමාර්ග අමාත්‍යංශය නිල නොවන ආකාරයට පාලනය කලේය. තත්වය දරුණු වී ජනාධිපති – ජෙයරාජ් ගැටුම තීව්ර විය. එහි ප්‍රතිඵලය වූයේ 2006 වසරේ අග භාගයේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමයි. නමුත් ජෙයරාජ් එකහෙළා පවසා සිටියේ මහාමාර්ග අමාත්‍යංශය තමන්ගෙන් ගන්නවා නම් තමන්ට මුදල් ඇමතිකම අවශ්‍ය බවයි. ජනාධිපතිවරයා තාවකාලිකව පසුබැස ජෙයරාජ්ට මහාමාර්ග අමාත්‍යංශයම ලබා දෙන ලදී. නමුත් මහාමාර්ග අමාත්‍යංශය තබා ගැනීම වෙනුවෙන් 2008 අප්‍රේල් මාසයේ ඊට වඩා වැඩි වන්දියක් ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාට ගෙවීමට සිදු විය. තවමත් ඒ තුවාලය සුව වී නැති බව අද සිද්ධියෙන් කදිමට පැහැදිලිවන බව මේ පිළිබඳව අප දැනුවත් කළ ශ්‍රීලනිප ජේෂ්ඨයා සඳහන් කර සිටියේය. අද දින කැපී ගිය නියෝජ්‍ය අමාත්‍ය නම් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අනෙක් පුද්ගලයා ප්‍රංශයේදී අතුරුදන් වූ ප්‍රගීත් එක්ණැලිගොඩ දුටු බව කියමින් ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගිය වෙන්නප්පුව ශ්‍රීලනිප සංවිධායක අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වේ. ඊයේ (09) ඔහු විසින් කොළඹ SSC සමාජ ශාලාවේ මිතුරන් විශාල පිරිසකට මත් පැන් සාදයක් පවත්වා ඇත්තේ හෙට (10) නියෝජ්‍ය ඇමති‍වරයෙකු වශයෙන් දිව්රුම් දීමේ සතුට කලින් බෙදා ගැනීමටය. වෙන්නප්පුව ආසනය පුරා පිලිගැනීමේ උත්සව සඳහා කොළඹ සිට පැපරේ බෑන්ඩ් කණ්ඩායම් කිහිපයක් ද යැවීමට අරුණ්දික මන්ත්‍රීවරයා කටයුතු යොදා තිබුණි. අද දිනය පුරා ඔහු ජංගම දුරකතනය පවා නිවා දමා මිතුරන් මග හැර සිටින බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට විපක්ෂයේ ඡන්ද වෙන්දේසි කරමින් ආන්ඩුවට එකතු වූ මනුෂ නානායක්කාර, පී. දිගම්බරම්, ප්‍රභා ගනේෂන්, යන මන්ත්‍රීවරුන්ගේ තත්වය ද ඉහත කී අයගේ තත්වයට සමාන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. (LNW)