සුද්දන්ටත් මිගමුව එපා කරවපු පවුල් පාලනය …

0
338

දැන් කාලෙක ඉදන් සංචාරක කර්මාන්තයට සම්බන්ධ වෙලා ඉන්නේ මිගමුවේ අය කිප දෙනෙක්ම මිපුර අමතා කතා කරල කිව්වේ මිගමුව තියෙන අපිරිසිදු කමත් , හොරකම් මැරකම් සහ ත්‍රිවිල් මාෆියාව ඇතුළු කාරණා ගොඩක් හින්ද සුද්දන්ටත් දැන් මිගමුව එපා වෙලා එයාලට දැන් දකුණට යන්න පටන් අරන් කියල.

ඒ හින්ද ලොකු මුදල් වැය කරල සංචාරක කර්මාන්තයෙන් ආදයම් ගන්න හිතන් ඉන්න අය දැන් අමාරුවේ වැටිලා.

මිගමුව මේ මජර තත්වයට පත්කෙරුවේ කව්ද කියල මිගමුවේ හැමෝම දන්නව . එක පවුලකට ගොඩයන්න එයාලගේ හෙංචයින්ටත් දොල පිදෙනි දිගෙන කරගෙන කිය දශක ගණනාවක විනාශයට දැන් වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මිගමුවේ ජනතාවට.

සංචාරක කර්මාන්තයේ යෙදිල ඉන්න අයත් දැන් මේ පවුල් හවුල් පාලනය නිසා උපරිමයෙන් බැටකමින් ඉන්න පිරිසක් ..

ඒ හින්ද දැන් එයාලට සිදුවෙලා මිගමුවට සංචාරක ආකාර්ශනය යළිත් මතුකරගන්න විශේෂ වැඩසටහනක් දියත් කරන්න .

ඒක නම් කරල තියෙන්නේ පිබිදෙමු මිගමුව කියල .

දැනටමත් මේ කණ්ඩායම විවිධ වැඩසටහන් රැසක් කරල තියෙනවා. මැයි 25 වෙනිදටත් මිගමුව නගර ශාලාවේ විද්වත් කථිකාවක් සංවිධානය කරල තියෙනවා .

මේ හැමෝටම අපට කියන්න තියෙන්නේ මිගමුව දවසින් දවස අපාගත වෙන අන්දමේ පාලනයක් දියත් වෙන කොට මිගමුවේ අති බහුතරයක් නිහඩව නිකමුන් සේ සිටිමේ ප්‍රතිවිපාකය තමයි දැන් මේ ගෙවන්න වෙලා තියෙන්නේ .

ඉතින් මේ ඇත්ත මුලින්ම තේරුම් ගනිමු. එහෙම තේරම් අරන් මේක වෙනස් කරන්නත් මහන්සි වෙමු.