සුද්දෝ මිගමුවට එන්නේ බිච් පාක් එකෙන් වඩේ කාලා,සාස්තර අහන්නද?

0
722

සුන්දර වෙරළක⁣ට සහ ඉහලම සංචාරක ආකාර්ශණයකට උරුමකම් කියන මිගමුවේ වෙරළ කලාපයේ වැඩිම වපසරියක් ආවරණය කරනු ලබන තැනක් බවට දැන් පත්ව ඇත්තේ වෙරළ උද්‍යානය හෙවත් සමාන්‍ය ජනවහරේ දැන් කියැවෙන බිච් පාක් එකය.

මිගමුව සංවාරක කලාපයේ දෙපසට විහිඳ යන හෝටල් කලාපය මැදිකොට ගෙන බීච් පාක් එක පිහිටා ඇත.

මිගමුව මහනගර සභාව විසින් වාර්ෂිකව ටෙන්ඩර් කරන මෙම බිච් පාක් එක දැන් දශක ගණනාවක් පුරාවට ලබාගනිමින් සිටින්නේ නිමල් ලංසාගේ පියා විසිනි.ඔහු මෙම ටෙන්ඩරය ලබාගන්නේ වෙනත් අයෙකුගේ නමක් ඉදිරියට දමාගෙනය.

ලංකාවේ ප්‍රධානතම කලු සල්ලි පවුලක් විසින් මෙහෙයවෙන මෙම බිච් පාක් එක පාලනය වන්නේ රටක පොදු නීතියට අනුව නොව පවුලක බිස්නස් ගොඩදමා නැගිම ඉලක්ක කොට ගෙනය.මේ පසුබිම තුල මේ බිච් පාක් එකතුල ක්‍රියාත්මක විවිධාකාරයේ නිති විරෝධි ක්‍රියා මෙන්ම එහි සිටින අතැමුන්ගේ නොහොබිනා හැසිරිම් නිසාද විදේශිකයන්ට මේ කලාපය එපා වි ඇත.

ඊයේ දවසෙදිද බිමතින් දිය නෑමට ගොස් සිටි අයෙකු දියේ ගිලි තිබේ.එහි ඇති අනතුරුදායක තත්වය ගැනද ජනතාව දැනුවත්ව නොසිටිති.

මේ අතර මිගමුවේ සංවාරක කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයන් විසින් දැන් පිඹිදෙමු මිගමුව නමින් අලුත් වැඩසටහනක් පටන් ගෙනය.එහි අරමුණ මිගමුවට හැකිතාක් විදේශිකයන්ට කැදවාගැනිමටය.

ලංකාවට සංචාරකයන් පැමිනෙමින් තිබුනද මිගමුවේ අපිරිසිදු කම මෙන්ම විවිධ නිති විරෝධි මෙන්ම විනය විරෝධි ක්‍රියා රැසක් සිදුවෙමින් ඇති නිසා මිගමුවට ඔවුන් නොඑන බව සංචාරක කර්මාන්තයේ නියැලි සිටින ව්‍යාපාරියෝ ප්‍රකාශ කරති.

පුංචි රෝමය යැයි කීවද පල්ලියේ අනුශාසනා වලට හෝ පල්ලියේ නායකත්වයට අවනත නැති පාලනයක් මිගමුව තුල දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව පැවැතිමත් ,අර කවුන්සිල් මේ කමිටු ඇති පදම් තිබුනද ඒ තුල මිගමු පුරවැසියා සක්‍රීය අයෙකු කරගැනිමට නොහැකි වි ඇති නිසා දැන් මිගමුවට සංචාරකයන් කැන්දාගැනිමේ වැඩේද ඒ ව්‍යාපාරයේ යෙදෙන අයටම කරගන්නට සිදුව තිබේ.

මේ පසුබිම තුල මිගමුව මහනගර සභාවේ කොමසාරිස් පාලනය විසින් කළ යුත්තේ මිගමුවට වීදේශියකයන් පවා කැමැති නගරයක් බවට පත් කිරිමට මුලික තැන දි කටයුතු කිරිමය.

මිගමුවට විදේශිකයන් එන්නේ බිච් පාක්එකේ ⁣වඩේ කා සාස්තර ඇසිමට නොවන බවද මෙහි ලා කොමසාරිස් පාලනයට දැනුම් දිය යුතුව ඇතැම් සංචාරක ව්‍යාපාරිකයෝ මිපුර අමතා ප්‍රකාශ කර සිටිති.