” සුදුවර සෙබස්තියන් මුණිදානෝ “-ජුනි08-වැලිගම්පිටියේදී

0
160

ප්‍

රිචඩ් මානමුදලි කලාකරුවා විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ , ” සුදුවර සෙබස්තියන් මුණිදානෝ ” නාට්‍යය එළැඹෙන 08 වැනි සෙනසුරාදා දින (08/06/2024) සවස 7.00 ට, ජා-ඇල වැලිගම්පිටිය, ශාන්ත ආනා දේවස්ථාන භූමියේදී පැවැත්වේ.
සුදුවර සෙබස්තියන් මුණිදානෝ හෙවත් ශුද්ධ වු ශාන්ත සෙබස්තියන් මුණි තුමන්ගේ ජීවිතය සහ පීඩන සමය තුළ දෙවිදුන් කෙරෙහි එතුමන් තුළ වූ විශ්වාස සහ දේව භක්තිය පිළිබඳව , නිර්මාණය වී ඇති මෙම නාට්‍ය, කිතුනු වීර දෘශ්‍ය කාව්‍යයක් ලෙසද හඳුන්වා දිය හැකිය.

කිතුරගසේනා .. රංග සමූහය අනුබද්ධ රංගමාන ඇකඩමිය මගින් ඉදිරිපත් කරන මෙම නාට්‍ය සඳහා මේ වන විට විවිධ තරාතිරම්වල ශිල්පින් 100 ක් පමණ සම්බන්ධ වී ඇත.
මෙවර ශුද්ධවු සෙබස්තියන් මුණිදුන්ගේ චරිතය ට පණපොවනු ලබන්නේ මලිත් චතුරංග විසිනි. එමෙන්ම නිලූකා බාලසූරිය ,පබසරා අංජලී ,ජූඩ් නුවන් තිසේරා ,රංදික විමලසූරිය ,ශ්‍රීනාල් විජේසූරිය , කුමාර පෙරේරා , දොන් කුමුදු සේන ,උපාලි කිත්සිරි ,ලැනී බර්ණාඩ් ,ලහිරු නිමන්ත ,කිංස්ලි ලෝව් ,සහස්‍රා මානමුදලි ,පැට්ට්‍රික් විජේසූරිය ,රංගන සිල්වා ,සමිත් මානමුදලි ,සෙව්වන්දි විජේසූරිය ,සුදීප්ත ,සසනි, කිත්වින්, නිමේෂ්, රොමෙන්, නිශාන්ත , ඇතුළු නළු නිළියන් රැසක් මෙම නාට්‍යය සඳහා රංගනයෙන් දායකවේ.

රචනය ,අධ්‍යක්ෂණය .. රිචඩ් මානාමුදලි .
සංගීතය සුලෝචන රාජපක්ෂ
සහය අධ්‍යක්ෂණය , වේෂනිරූපණය , ඇදුම් නිර්මාණය , නර්තන නිර්මාණය ,.. ජූඩ් නුවන් තිසේරා .
පසුතල නිර්මාණය රනිල් ප්‍රනාන්දු ,
වේදිකා පරිපාලනය .. ශ්‍රීනාල් විජේසිංහ
සමිත් මානමුදලි
රංදික විමලසූරිය ..
වේදිකා පරිපාලනය .. බ්‍රයිනි නිවර්තනා.
අනුශාසක ගරු . ලෙස්ටර් නෝනිස් පියතුමා ..